#තිස්හතරවන_කොටස 💜️

4.4K 457 7
                                    

ගේ ගාවට ටැක්සියෙන් ඇවිත් බැහැලා මිටරේ බලලා සල්ලි දීලා  ගේට් එක ඇරගෙන ගෙට ගියේ හිතට බරක් දැනුන නිසා.. ඔලුවෙ කැක්කුමකුත් ඇවිත් තිබුනේ හදිස්සියෙම මේ ඔලුවට රිද්ම අයියා ඇවිත් දාපු ප්‍රශ්නේ ගැන..

ආයේ අද සර් එන්න එකක් නෑ කියලා හිත කිව්ව නිසාම මේ ප්‍රශ්නේ ගැන ලොකුවට ම දැණුනා. ඒත් මේක සර්ට කිව්වොත් මොනවා වෙයිද..? නැති ප්‍රශ්න ඇති වෙයි.. මම කල්පනා කර කරම සරුත් මමත් ඉදපු සැටියට වැටුනේ තව කල්පනා කරන්න ගොඩක් දෙවල් තිබ්බ නිසා.. නින්දක් ආවෙ නෑ.. වෙනදට නම් 4ට ඕෆ් වෙලා ආවත් නින්ද යනව. අද මහන්සියක් දැනුනත් හිතෙ උඩු දිව්ව ප්‍රශ්න ගැන හිතද්දි ඇස් පියන්න බයක් දැනුනා,

මම සර්ට කෝල් එකක් ගත්තෙ එනවද අහන්න. ඒත් සර් ෆෝන් එක ආන්ස්වර් කලේ නෑ. මුල්ම කෝල් එක රින්ග් වෙලාම කට් උනත් දෙවනි තුන් වෙනි කෝල් රින්ග් වෙන පරක්කුවටම කට් උනා.. මට ආවෙ කේන්තියක්.. මාව එපා නිසානේ මෙහෙම.. හදිස්සියක් වෙලා මැරෙන්න ගිහින් ගත්තත් ඔච්චරනේ.
මම සර්ට මැසෙජ් එකක් දැන්මේ ඒ තරහ පිටමයි..

"කමක්නෑ සර්.. ඔහොම කරන්න. හදිස්සියකට මැරෙන්න ගිහින් කෝල් එකක් ගත්තත් ඔච්චරනේ.. බුදු සරණයි"

'උඹට විකාරද, ඇයි එහෙම මැසෙජ් එකක් දැන්මේ.. එතකොට උබ සර්ට ආදරේ නැද්ද..?'

තවත් මොනා හිතන්නද ඉතින්..
ඔව් ඔව් ඔව්.. මගෙ හිතේ ආදරයක් තියනව තමා. ඒත් එයාට තියනව නම් ඔහොම වෙයිද.. මෙහෙම කරයිද..? පොඩ්ඩක් කෑ ගහපු එකට.. එපා කියපු එකට.. දමලා ගහලා යයිද.. එහෙම කෙනෙක් එක්ක කොහොමද ජිවත් වෙන්න හිත හදා ගන්නේ... මම හිතට විරුද්දව සර් ගැන තොරතුරු හෙව්ව.. ඒ හිත හදා ගන්ම ලෙසි වෙන්න.. මට මේ ගෙදරින් යන්න තිබුනා නම් කියලා හිතුනෙ ඒ වෙලාවෙ..
මම සැටියෙන් නැගිටලා කමරෙට ගිහින් ඇදුම් ටික ගලවලා දලා ගෙදරට අදින ඇදුම ඇදන් කුස්සියට ගියේ මොනා හරි හදා ගන්න හිතන්.. නූඩ්ලස් එකක් හදා ගන්න හිතුනෙ කම්මැලිකමට

'සර් ඔය කිව්වට ඒවි බං.. සර්ටත් එක්ක උයපන් වෙනදටත් වඩා රහට, උඹෙන් බත් කටක් කෑවම ඔක්කොම හරියයි...'

අම්මපා, කිව්වත් වගෙ සර් ආවොත්.. බත් ටිකක් කවපන් කිව්වොත් ඉව්වෙ නෑ කියන්නද.. ඒ නිසා මම බත් ටිකක් ලිපේ තියලා  අල කිරට හදලා සොයා ටිකක් තෙල් දැන්මා.. කට්ටසම්බෝලයක් හදා ගත්තා නම් රෑ කෑම ශේප්.. උයන්න වෙනදට වඩා වෙලා ගියා.. ඒ හෙමින් වැඩ කරපු නිසා වෙන්න ඇති. බිත්තර දෙකක් සර් ආවම තියන්වා.. මම නාගෙන ආවා සර් තාමත් නෑ.. වෙලාව 8ත් පහුයි..එනවා නම් මෙලහකට ඇවිත්..

නෙගටිව් 💜️Where stories live. Discover now