#එකලොස්වන_කොටස 💜️

5.3K 525 30
                                    

පහන්දි ඉදියෙ නුවර එයලගෙ නෑද ගෙදරක, එක්සැම් ඉවර උනා කියලා ගෙදර ඇවිත්. අම්මටයි නීතා නැන්දටයි එකට එකතු වෙන්න පුළුවන් වෙන්නෙ මෙහෙම ගෙවල් වල ආවොත් විතරයි නිසා එයලා හරි හරියට කතාව...
ඒ අතරෙ සිඟිති අක්කයි, මමයි පහන්දියිත් මිදුලේ කොන්ටම්බා ගහ යටට ආවේ ටිකක් කතා කරන්න කියලා..
ලොකු ලමයෙක් උනයින් පස්සෙ පහන්දි නුවර නැන්දහලා ගිහියා. ඒ අවුරුදු 4-5ටම මම පහන්දිව දැක්කෙ දෙතුන් වතාවයි..
නුවර සීතල පලාතක ඉඳිලා ඇවිත් තකට තක වෙන්න නාලත් ඉඳපු නිසාම වෙන්නැති තෙත කොන්ඩෙත් තෙක්ක පන්දිට තිබුනේ අමුතුම පෙනුමක්..
ගමේ පෙනුමක් නොතිබ්බත් පහන්දිට තිබ්බ පෙනුමෙ සංකර බවක් මගෙ ඇස් වලට පෙනුනෙ නෑ..
සිඟිති අක්කා තමයි වැඩිපුරම කතා කලෙ.. ඒ කච කචේ ලොකු දෙයක් කියවුනේ නෑ වගේම වැඩිපුරම තිබ්බෙ විහිළු..
මම අත් ඔරලොසුව දිහා බැලුවේ රෑ උන බව ඇගට දැනුන නිසා..

"අක්කෙ පරක්කු වෙනවා, අපි යන්නද.."

"අල්ලපු වත්තනේ ටිකක් ඉන්නවකො, ආයේ එන්නෙත් මාස ගානකින්.."

"අම්මට බෙහෙත් දෙන්න ඕනේ අක්කෙ.."

"අහ් එහෙමද, හෙට යනවද මල්ලි.."

"නෑ.. ඔයාලා නිසාම ඉන්නම්කො.."

"අනේ අපොයි, මෙන්න මෙයා.."

"නෑ නෑ. මම හෙටත් නිවාඩු.."

"එහෙනම් හෙට එන්න, බත් ටිකක් කන්නත් එක්කම.."

"ම්.. හා.."

අපි දාපු සමිතිය හෙටට කල්දාලා, මම අම්මත් එක්ක ඉක්මනින් ගෙදර ආවෙ අම්මගෙ බෙහෙත් වේල පරක්කු වෙන බව මට මතකෙට ආපු නිසා..

              ------------------------------

ආසාවෙන් ඉදපු නිදහස් දවස නිසා වෙන්න ඇති, ඔරලෝසුවෙ විනාඩි කටු තප්පර කටුව ගානට කැරෙකෙන්න අරන්ද මන්දා දවසෙ ගෙවුනේ බලා ඉද්දිමයි..
උදෙ වරුවෙ සිඟිති අක්කලාහට ගිහින්  දවල් වෙලාම කොළඹ එන්න ආවෙ අම්ම උයලා දීපු බත් එකකුත් අරගෙනමයි..

***********************************************

පහුවදා උදේම නැගිටලා ඔෆිස් යන්න ලෙස්ති උනා.. අලුතින් ගත්ත ලා තැඹිලි පාට සර්ට් එකට කලු කලිසම ඇන්දා..
පොඩි කාලේ ඉදන් බැදගෙන ඉදපු චූටි සුර කෑල්ල දැන් බෙල්ල ලගටම හිරයි.
කලු නූලට දාපු තඹ සුරේත් එක්ක ඇදුම  හිතුවට වඩා ලස්සනයි කියලා මට හිතුනේ ඉරි ගිහින් බිදිලා තිබුන කන්නාඩි මේසෙන් මූණ දිහා බලන් කොන්ඩේ පීරද්දියි... ඔක්කොම ලෑස්ති කරන් මම ඔෆිස් එකට වෙනදට වඩා වෙලාසනම ගියා..

නෙගටිව් 💜️Where stories live. Discover now