මුලින්ම කිව්වත් වගේ ඔෆිස් එකට ආවම දැනුන අමුතු ගැහීම මගේ කබින් එකට ගියාම අඩු උනත් මගෙ පුටුවෙන් නැගිටලා ඔෆිස් එකෙ ඇවිදින්න ගනිද්දි ආයෙම දැනුන. මට හිතුනේ දවසෙම මගේ නමට වෙන් කරපු කැබින් එකට වෙලා ඉන්න තිබ්බ නම්... කියලා.
කලින් මෙහෙම ගිවන්තගෙන් ලැබුන නිගෝගයක් තිවේකා හරහා මට ලැබෙද්දි මම නැගිට්ටෙ මොනාම හෝ ඔෆිස් එකේ සම්බන්ධ ෆයිල් එකක් හරි අතේ තියාගෙන. ඒත් නිකම්ම දෙපැත්තට වැනෙම අත් දෙක මට දැනෙන අමුතු හැගීම තවත් වැඩි කලා..
ගිවන්ත ඒ විදිහටයි මුලින් ඉදන්ම වැඩකලේ.. ඔෆිස් එකේදි මාව ඌ ගාවට ගෙන්න ගත්තේ, මට වැඩ පවරලා මාව වැඩිවෙලාවක් ඔෆිස් එකේ තියාගත්තේ හැම දේම කලේ පිළිවෙලකට..
ඒත් අද විතරක්.. ඇයි මේ,
හැමදේම පිළිවලකට කරමු ගිවන්ත අද විතරක් ඒ පිලිවෙළ රාමුවෙන් පිට පැනලා ඇයි.. මම හිතන්න ගත්තෙ එහෙම. නෑ සමහර විට මම වැරදි ඇති. කෙනෙක් ගැන මට ස්ථාවරේකට එන්න බෑ. කොටින්ම ගිවන්ත ගැන. මම ඒ මනුස්සයා ගැන මොනාද දන්නේ..
ක්ලබ් බහින, සෙල්ලක්කාරම පිරුණ පිරුමියෙක්.. එතනින් එහාට දන්න පොඩි දේ උනත් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි.. ඉන් එහා මම ඒ මනුස්සයා ගැන මොනාද දන්නේ.. මට කියන්න බෑ ගිවන්ත පිළිවෙලක් ඇතුව වැඩ කරනවද නැද්ද කියලා.. කොටින්ම මගෙ ජිවිතේ විනාශ උනයි පස්සෙ මම දැක්කෙ වෙනස්ම ගිවන්ත කෙනෙක්.. මම ඒ ගිවන්තව දැකලා තිබුනේ ඊයේ හවස බොඩිම ආවයි පස්සෙ.ගිවන්ත මේ එන්න කියන්නේ ඔෆිස් එකේ සම්බන්ධ දේකට නෙවෙයි ගිවන්ත කතා කලේ.. එකත් එකටම මේ රාජූ සම්බන්ධ දේකට වෙන්න ඕනේ.. මගෙන් මොනව අහයිද.. මම මොනාද කියන්නේ, රාජුට බැනපු එකේ රඟේ තෙරෙන්න ගනිද්දි මම පරක්කු වැඩීයි. මම තියපු අඩිවල බර අඩුවෙන්න ගත්තේ ඒ නිසා වෙන්න ඇති. මම ඔෆිස් එකේ බිම අතුරපු ටයිල් වලට නොදැනෙන්න සපත්තු අඩි තියලා ඇවිද්දෙ ඔෆිස් එක ගාවටම ලං වෙලා තිබ්බ නිසා.. තවත් හිතන්න කරුණු හිතේ ගොඩ ගැහුනත් මට වෙලාව මදිකමක් දැනුන..
කවුරුම හෝ ගිවන්තගේ කැබින් එකේ ඉන්න බවත් ඉන්න කෙනා හිටගෙන ඉන්න නිසාත් යාන්තමට එහා මෙහා පේන වීදුරු වලින් මට පෙනුනා. ඇතුලේ ඉන්න කෙනා එලියන එනකම්ම ඉන්න ඔනේ කියලා මතක් උනේ තිවේකත් ගිවන්තත් කමරේ ඉන්නැද්දි මම කැබින් එකට ගිය දවස මතක් උන නිසයි.