මගේ හැමදේම නෙගටිව්. සල්ලි, පව්ල් පසුබිම ඉඳන් අම්ම ඇරෙන්න හැමදේම නෙගටිව්.. අම්මත් මේ ලඟදි මගෙ ජිවිතේට නෙගටිව් වෙද්දි.. සර් හැමදාම මං ගාව ඉඳියා.. අදටත් ඉන්නවා, ඒත් මට ඉන්න විදිහක් නෑ.. ඒ මොන වගේ පව්කාරකමක්ද? මම ඒ තරම් පව් කරලද මං?
කෙනෙක් නිවෙන පපුවක මම ඇවිලෙනවා.. කෙනෙක් විදින පපුවක මම විඳවනවා. ආදරේ දැනෙන පපුවක ආදරේ නොදැනෙනවා වගේ ඉන්නවා.
දන්නවද ඒක තමා අමාරුම දේ. පපුවකට ආදරේ කරන්න පුළුවන්, අපි එහෙම සම්මතව හෝ අසම්මතව ආදරේ කරලා බලාපොරොත්තු වෙන්නෙ අපිට ගැලපෙන ආදරයක්.. අපිට ආස හිතෙන ආදරයක්.. සමහර වදන් තියනවා "ආදරේ කරපන් පෙරළා ආදරේ බලාපොරොත්තු නොවී" කියලා.. ඔව් ඒක සිද්ධාන්ත එක්ක බලද්දි ඇත්ත... ඒත් අපි රහත් වෙලා නෑ. අපිත් ආසයි ඒ වගේම ආදරයක් අපිටත් ලැබෙනවට.. එහෙම නොවෙනවා නම් අපි පාරමි පුරාගෙන, පතාගෙන ආපු පිංවන්ත අයෙක් වෙන්නම ඕනේ...
මට සර්ව දැක්කම එහෙම පිංවන්ත ආදරයක් මතක් වෙන්නෙ නැහැ.. සර් හැමවෙලාවෙම බැලුවේ මං දිහා කන්න වගේ.. ඒ එයාගේ ආදරේ හැටි වෙන්න ඇති. කවදාවත් සර්ගෙන් මට වරදක් උනේ නෑ කියන්නෑ.. ඒත් ඒ වැරදි සේරම සර් හදාගත්තා.. හොදින් හෝ නරකින් එහෙමත් නැත්තන් බලෙන් හරි ඌ එක කලා.. සර් ගාව තිබ්බේ සිද්ධාර්ථ ආදරයක් නෙවෙයි, අංගුලි මාල ආදරයක්. පිළිගන්න බැරි වැරදි කලත් ඒවා එකින් එක හදාගනිපු. රෑට බුදියන එකේ ඉඳන් සර් මාව තනිකලේ නෑ. සර්ගෙ අඩුව දැනෙන්න දුන්නේ නෑ මට. මගෙ අම්මගෙ අඩුපාඩු පවා සර් හොයල බැලුවා..ඊට පස්සෙ ගත්තම වැඩිපුරම අපේ ආදර කතාවෙ තිබ්බෙ සෙක්ස්.. වැරදියට වටහ ගන්න එපා.. අපි අපිට විතටක් සීමා වුන අමතක කරන්න බැරි රාගික ආදරයක් ඒක.. අන්න ඒ නිසයි ඒ ආදරේට පිංවන්ත ආදරයක් කියන්න බැරි. අපිට අපිවම ඕනේ වුනු ආදරයක් ඒක..
කොහොම හරි අපි ආස ආදරේ, අපිට ඕනේ ආදරේ මට සර්ගෙන් ලැබෙද්දි.. ඒ ආදරේ හරි හැටි විදින්න වත් නැතුව ඒ ආදරේ දැනෙන්නෙ නෑ වගේ ඉන්න වෙලා.. දන්නවද ඒක තමා කරන්න බැරිම දේ.. බඩගින්න ඉහිළිය හැකි වොශ් රූම් නොයා ඉන්න පුළුවන්ද?
ආදරේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ආදරේ ලැබිලා නොලැබුනු නෙවෙයි ලැබෙද්දි නොලැබෙන විදිහට ජීවත් වෙන්නයි අමාරුයි,
ජිවත් වෙනවා වගේ නාඩි වැටෙයි, ඒත් ජිවත් වෙනවද කියලා විශ්වස නෑ.. එහෙම හරි පුලුවන් වෙන්නේ උසස් මානසික මට්ටමක් තියන අයට විතරයි මං හිතන්නේ.. ආදරේ නිසා පිස්සු හැදුන ආදර කතා අහලා තිබුනා.. ඒත් විදලා තිබ්බෙ නෑ.. වැඩි හරියක්ම මිනිස්සු ආදරේට මත් උණාම.. ඒ ආදරේ වෙනුවෙන්ම ජීවත් උනාම මෙහෙම ප්‍රශ්නෙකදි ජිවිතේ එපාම වෙන්නත් ඉඩ තියනවා.. මෙහෙම වෙලත් නාඩි වැටෙන එකා උසස් මනසක් තියන ගොඩට වැටෙනවා තමා... ඒත් ඒක කාට උනත් මැරි මැරී ජීවත් කරවීමක්.. මමත් ඒ ගොඩේ ඉන්නවා කියලා නම් මට තෙරෙනවා..