"මොකද්ද සර් නම තියෙන්නේ.."
"මහීම අභිමාන් වික්‍රමසිංහ,
කොල්ලුපිටිය - කොළඹ 03."මට දැන් යන්න හිතුනා කොල්ලුපිටිය හොයාගෙන... ඒත් ඒ කොහෙද..? කොළඹ 03... කිසිම මතකයක් මට එන්නෙ නැහැ කොළඹ 03 කොල්ලු පිටිය ගැන.. මම කිසිදෙයක් තෙරෙන්නෑ.. ඒත් මම එක දෙයක් දන්නවා මගේ අතිතේ තියේන්නේ කොල්ලුපිටියේ වෙන්න ඇති..
මට දැනුනේ නැව්ම් බවක්.. ආයේ ඉපදුනා කියලා වගේ හැගීමක්. මට පුටු පෙරලගෙන ගිහින් ධනාට කියන්න හිතුනා.. බලපොරොත්තුවක් තිබ්බ නම් මට තිබුනේ ඒ ගැන විතරයි. ජීවත් වෙන්නවත් ආසාවක් නැතුව අරමුණක් නැතුව ජීවත් උන මං, ජිවත් උනේ මේකටම විතරයි නේද කියලා දැනෙන්න ගත්තා මට. මේ තරම් සතුටක්.. කුතුහලයක්.. මං නොදන්න මගේ ගෙව්න අවුරුදු 22කම මම කොහොම ගෙවන්න ඇද්ද..? මට ඒක දැන ගන්න නම් කොළඹ - කොල්ලුපිටි යන්නම වෙනවා.. මට එකපාරටම මතක් උනේ මට නොපෙනෙන.. මගේ ඇස් වලට බොඳවෙලා පේන, මං ගාවින්ම ඉඳියා වගේ හැමවෙලේම දැනෙන ඒ පිරිමි රූපය අයිති කාටද? මොන වගේ කෙනෙක්ද..? මට දැනුනේ කුතුහලයක්...ඒත් එකපාරටම අපිට මොකද උනේ..? මට දැනගන්න ඕනේ වුනේ ඒක. දැන්
පපුව ගැහුනේ ඒ දේවල් වලට විතරයි කියල මට කිව්ව හැකි. මම හිතලම හුස්ම ටිකක් ගත්ත ඉතින්.. මම හුස්ම ටිකක් අරන් මැනේජර් දිහා බැලුවා.."සර්, මට එඩ්‍රස් එක දෙන්න පුළුවන්ද මගේ එකවුන්ට් එකේ.."
ඒත් ඊළඟ මොහොතේ මැනේජර් කිව්වෙ මම නොහිතපු දෙයක්.
දැනුන සතුට කෑලි කෑලි වලට කැඩිලා වැටුනේ එතනින් පස්සෙ..***********************************************
මේ හරියටම දැන්.. වර්ථමානේ...
2017.05.18ඩොක්ටර්ස්ලා කිව්ව දිනත් එක්ක බලද්දි මට අමතක වෙලා තිබුනේ මස දහකට විතර කලින් අතීතයක්.. ඒ කියන්නේ
2016. 08 මසේ වගේ ඉඳන්, මාව ඇක්සිඩන්ට් උනා කියලනේ කියන්නේ, ඒක වෙන්න ඇත්තේ ගිය අවුරුදු අගොස්තුවේ වෙන්න ඕනේ...
කවදද කියලා හරියටම දන්නෑ.. ඒත් ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඉදන් මට කිසි දෙයක් මතක නැතුව මම ජීවත් උනා..
මට ඕනේ උනේ මගේ අතීතේ දැනගන්න උනත් කිසි කෙනෙක් ඒ අතීතෙට මට හිතන පරක්කුවට යන්න දුන්නෙ නෑ..