බොඩිමට ඇවිත් ඇදට පනිනවට වඩා සැපක් කොහෙන්ද.. වෙනදා වගෙම සපත්තු දෙක ගලවලා දලා ඇදට වෙලා ඔහේ කල්පනා කලේ වෙන මොකුත්ම නෙවෙයි ගිවන්ත සර් ගැන. ඔෆිස් එකේදි අල්ලපු අත ගැන දැනෙන්න ගත්තේ එවෙලේද මන්දා..
කමරේ ඇතුලේ තිබ්බ නුවරඑළියෙ සීතල නිසාම සර්ගේ අතේ උණුහුම එවෙලේ මගේ අතට හොදටම දැනුනා.. ඒ සිද්දි රාමුවේම ගිලිලා පැය බාගයක් විතර මම මහන්සිය යනකම් ඉන්න ඇති..කෑම කන්න තරම් බඩගිණ්නක් නොතිබ්බේ ඔෆිස් එකේ තේ බීලම වෙන්නැති.. මම වොශ් එකක් දාගෙන ඇවිත් නෙස්ටමෝල් පැකට් එකක් කඩලා උණුවට තේ එකක් හදාගෙන බොන ගමන් අම්මට කෝල් එකක් ගත්තා..
"අම්මා කාලද.."
"ඔව් පුතෙ.. උබ..?"
"ඔව් අම්මා.." මම අම්මට කියපු බොරු වල තිබ්බේ ඒ බොරුව විතරයි හැමදාම.
"බේත් ටික බිව්වද.."
"ම්..."
"ලබන සතියේ ක්ලිනික් නේද..?"
"ඔව්, සිඟිතියගෙන් මම ඇහැව්වා, ඒකි එන්නම් කිව්වෙ.."
"නෑ මට නිවාඩු ගන්න පුළුවන්.."
"උබ දුක් විදිනවා මයි පුතේ.."
"අම්ම විකාර කියවන්නෙපා.. ලබන මාසේ මම එනවා.."
"ම්ම් වරෙන් වරෙන්. මට බලන්නත් ආසයි උබව.."
"ම්..."
හවස නිවාඩු ගන්න එක පවා මම දැක්කේ ඇත්තටම නෙවෙයිනේ, හීනයකින්නෙ දැක්කේ. ඒ නිසා හෙට උදේම ගිහින් නිවාඩු ගන්න එක කම්ෆොම් කර ගන්න වැඩේ, ඔෆිස් එකෙදි කරන්න තියන වැඩ වල උඩින්ම ඒක දා ගත්තා.
පැයබා ගයක් විතර අම්මත් එක්කත් කතා කරලා මම තේ කොප්පෙ හොදලා තියලා නිදා ගන්න ඇදට පැන්නේ මෙට්ටෙ යට තිබිලා ඊයේ හොදලා දාපු ලේන්සුවත් රෙදි වැලෙන් අරගෙනමයි...
කොච්ච මහන්සි උනත් ඉක්මනට නින්ද යන්න නම් මට ඒ වැඩේ කරාම ඉක්මනින් නින්ද යන සීන් එකක් මම අහලා තිබ්බෙ ක්ලබ් එකේදී දේව්ගෙන්.."මොනාද බල්ලො දගලන්නේ, නිදා ගනින්කො, තොට බැරිනම් මට වත් නිදා ගන්න දීපං.."
"අඩේ නින්ද යන්නෑ බං.."
"නින්ද යන්නැත්තම් අනිත් දවසෙ නාද්දි හොදට ගහලා නාගෙන වරෙන්... "