#හතලිස්වන_කොටස 💜️

5.4K 414 44
                                    

"අනික උදව් ගන්න ඕනේ තරම් දන්න කියන අය ඉන්න්වනේ... කොහොම හරිකමක්නෑ මට වැඩේ වෙන්නයි ඕනේ.."

ලතික සර් මොනාද ඒ කිව්වෙ.. හිතන්න දේවල් දාහක් එක්ක කියවුන වචන ටිකත් අහුලගෙන මම මගෙ කැබින් එකට එන්න ආවා..
එන ටිකට දාහක් දේවල් හිතුනා. මොකුත්ම නොහිතා මම ඇවිත් වාඩි වෙලා ඒ/සී එක උපරිමේටම වැඩි කලේ දාපු දාඩිය හිදෙන්නත් එක්ක..
කම්පියුටර් එක අන්ලොක් කරලා මේල් එකට ගියාම මට සසරකල කිරුණා...

කඳාන ෆැක්ටියේන් කරපු Fn -15306 ඕඩර් එකට අදාලව කොන්ටිටි එක 3500
යටතෙ රිකන්සිලේශන් ෆෝම් එකක් හදන්නයි මට මේල් කරලා තිබුනේ. දනන තරමින්  රිකන්සිලේශන් එකක් කියන්නේ සීරියස් වැඩක්..
ඔඩර් එකක් බයර්ට යැව්වම දින 90ක ණය කාල සීමාවට යටත්ව අපි බයර්ට රිකන්සිලේශන් ඩොක්‍යුමන්ට් එකක් යැවිය යුතුයි.. ඒ ඩොක්‍යුමන්ට් එක ඇතුලත සියල්ල නිවැරදි විය යුතු අතර එසේ නොවුන තෑන අපට කිසිඳු මුදලක් බයර් විසින් ණය කාල සීමව ඉක්මවුවද ගෙවීමක් සිදු නොකරයි..
මා දන්නා තරමින් රිකන්සිලේශන් ඩොක්‍යුමන්ට් එකක් වැදගත්ම එකක් වෙන්නේ ඒ නිසයි...

උදෙ ඉදන් මම කලේ... රිකන්සිලේශන් ඩොක්‍යුමන්ට් එකට අවශ්‍ය තොරතුරු හොයපු එක..

ෆැබ්‍රික් ස්ටෝර්ස් - ෆැබ්‍රික් ඩීටෙල්ස්, ඉන් හවුස් වෙච්චි ප්‍රමාණයන් පිළිබඳවත්...

ට්‍රිම් ස්ටෝර්ස් - ඇසසරීස් සම්බන්ධව ඉන්හවුස් උනු ප්‍රමාණයන් පිළිබඳවත්..

කටින් සෙක්ශන් - බයර් විසින් දෙන ලද රෙදි හෝ නියම කරන ලද රෙදි වලින් ඇදුම් කොපමණ කට් කලාද, ඉතුරු ප්‍රමාණයන් කොපමණද...

පැකින් සෙක්ශන්- ශිප්මන්ට් ඩීටේල්ස්

කොලිටි සෙක්ශන් - රිජෙක්ට් ගාමන්ට් ප්‍රමානය.. මේ යටතේ අවශ්‍ය ප්‍රමිතියකින් නොමැසුනු ඇදුන් ප්‍රමාණයන් පිළිබඳවත්...

මේ වගේ තොරතුරු ගොඩක් අවශ්‍ය රිකන්සිලේශන් ඩොක්‍යුමන්ට් එකට මම උදේ ඉදන් කලේ ඒකට අවශ්‍ය තොරතුරු හොයපු එක..
ස්ටෝස් ගානේ, සෙක්ශන් ගානෙ ගිහින්.. අවශ්‍ය අයට කෝල් කරලා විස්තර මේල් කරවගෙන මම ඔක්කොම ඉස්සෙල්ලා පිළිවලකට තොරතුරු ටික එක්අහුකර ගත්තා.. කොහොමත් උදේ වරුවෙම කලේ මම තොරතුරු එක්කහු කරපු එක..

නෙගටිව් 💜️Where stories live. Discover now