"දේව් උබ දැක්කද..."
මම ඒ ලඟ ඉඳපු දේව්ගෙ අතින් අල්ලගෙන දේව්ට විතරක් ඇහෙන්න ඇහුවෙ මම දැක්ක දේ ඌත් දැක්කද කියල අහන්න හිතුන නිසා.. එක පාරටම මම දැක්ක දේ ඒ තරමට අදහගන්න බැරුව ගියා..
මට මොනා හරි මතක් උනා වෙන්න ඕනේ.. ආවේ කලු කාර් එකක්. සුදු නම්බර් ප්ලේට් එකේ කළු අංක ටික.. SY 5227. මම මීට කලින් මේ අංක ටික මතකයි.. මම හිතුවා ඒ තත්පරේට ඔළුවට මතක් වෙන්න දඟලන දවස ගැන.. ඔව් ඒ එදා..
රිද්ම අයියාව බලන්න ගිහින් ඒ කියපු කතාවකට මගෙ හිතේ අවුලත් එකතු වෙලා ඩබල් වෙන්න අරන් තිබුනෙ මට.. මට ටිකෙන් ටික ඒ දවස මතක් උනා..
මම එහෙම්ම හොස්පිටල් එකෙන් ආවේ ඒ හිතේ අවුලෙන්..බෑග් දෙකකුත් එල්ලගෙන මම ගෙදරින් එලියට බැහැලා එදා ආවේ අරමුණක් ඇතුව නෙවෙයි... ඒ නිසා වෙන්න ඇති මම හෝමගම බස් හෝල්ට් එකත් පහුකරගෙන පාර දිගේ ගියා.. මට මතකයි.. බෑග් දෙකත් එල්ලගෙන කොහොම හරි මම පිස්සෙක් වගේ ඇවිදලා තියෙන්නෙ පාරේ.. මට ඒක තේරෙද්දි මම පරක්කු වැඩි වෙලා තිබුනා.. කඳුළු පිහ ගත්තේ පාරේ කොණ මොන පැත්තද කියලා බලන ගමන්..
මගේ ඉණ හරියෙන් තද වේඳනාවක් එක්ක මම විසික් වෙලා යනවා දැනුනේ ඒ එක්කමයි.. ඊළඟ තත්පරේදි ආව උස්සලා පොලවේ ගගනවා වගේ දැනුනා.. මුළු ඇඟම වෙදනාවක් විතරක් උනා.. ඔළුව බිම වැදුන නිසා වෙන්න ඇති ඔළුව රත්වෙලා වගේ දැනුනා මට.. ඔලුව ඇතුලෙන් උහුලන්න බැරි වේදනාවක් දැනෙදි මම අත් දෙක්ම උස්සලා ඔළුව බඳා ගත්තා. මට දැනුනා.. මගෙ කොන්ඩේ පවා තෙත්වෙල... මට එච්චරයි මතක..එදා මතක එච්චරක් උනාට.. මට අද ඒ සෙරම මතක් වෙන්න ගත්තෙ පපුවෙ කැක්කුමකුත් එක්ක.. එදා තිබ්බ තුවල වෙදනාවට වඩා පපුව වෙලිලා ගිහින් තොල කට ඇකිලිලා ගිහින් තිබුනා.. වතුර ටිකක් බොන්න තියන උවමනාව ඔලුවට වගේම මගෙ මුළු ඇඟටම දැනුනා. පපුවෙ හිරවෙන වෙදනාව විතරක් තදින් දැනුනා.. එදා එහෙම්ම ඇස් පියාගත්ත මම නුවර ගිහින් ඇස් ඇරියේ කාගෙ පිහිටින්ද දන්නෑ.. මම වෙන කවුරුවත් නෙවෙයි එහෙනම් මම මහීම අභිමාන් තමයි.. මට දැනුනේ කුතුහලයක්..
මාව හප්පපු කාර් එක ඇයි ගිවන්ත සර්ලගෙ ගෙදර...?