#හැටඑක_කොටස 💜️

2.6K 317 17
                                    

මම ෆෝන් එක දිහා බැලුවේ කොල් එකක් එන නිසා..
ඒ කෝල් එක එන නම්බර් එක සේව් කරලා තිබුනත්.. මම කල්පනා කලේ ඒ කවුද කියලා එක පාරටම කල්පනාවට එන්නේ නැති නිසා.. ටිකකින් මට මතක් උනා ඒ කුමුදු මැඩම් බව.. ඒ ගිවන්ත සර්ල ගේ අම්මා බව.. හැමදේම එකින් එක එකින් එක ගැලපිලා මම හරි සිහියට එන්න ඇති.. හිත මහා අමුතු මායාවක වගේ වෙලිලා තිබුනා වගේ දැනෙන්න ගත්තේ පහු වුන පැය දෙක තුනම.. ලොකූ බරකින් නිදහස් උනා වගේ දැනුනා. මම දේව්ට කියලා ආවා..

"හවසට වරෙන් මෙහේ.."

"සුවර් කරන්නෙපා බං.. ඉන්න තැනක් නැති උනොත් එන්නම්.. ගෙදර යන්න තිබ්බා.. ඒත් අම්මා කොළඹ ඉද්දි මට ඒක කරන්නත් බෑනේ, අනික මෙහේ දුරත් එක්ක බං. මම ආවෙ හිත නිදහස් කරගෙන යන්න.."

"කියලා, අහන් ඉදලා බෑනෙ. උත්තරයක් හොයා ගන්න එපැයි බං.."

"හ්ම්... බලමු.."

"උඹට මෙහේනෙ දුර වැඩි... හරි මම හවස කොළඹ එනවා.. හොස්ටල් එකේ සෙට් වෙමු.."

"හොස්ටල් එකේ පිට උන්ට ඉන්න බෑනෙ.. ඊට පස්සෙ උබටත් කේස්.."

"කලින් සිකුරිටි එකමයි දැන් ආයේ ඉන්නෙ.. ඒ නිසා අවුල්ක් වෙන එකක් නෑ.."

"එහෙමද.. හරි.. මම කොල් එකක් දෙන්නම් උඹට.."

"ඔනේම නම් ආයෙ දෙන්නම ඉස්සර වගේ වැඩට යමන්.. ඔෆිස් යන්නත් බෑනේ දැන් උඹ ඔය කියන මානසිකත්වෙ උඩ ඉඳන්.."

"ඔව්.. බලමු.. කොළඹ ඉන්න හිතක් නෑ බං."

"කොළඹින් කොහෙ යන්නද? ගමේ..?"

"ගමත් තිත්තයි දැන්.."

ඔව්..ගමේ යනවා කිව්වම ආසාවෙන් මම ඉස්සර කොළඹ ඉඳන් යන්නේ. කාලෙකින් දකින්න ලැබෙන අම්ම එහෙන්.. ගමේ යනවා කියලා මතුගම බස් එකේ නැගලා ටව්මෙන් බැහැලා ගමට යද්දි දැනෙන්නෙ මම වෙනදට ලොකුයි කියලා.. ලොකු රස්සාවක්.. ඊටත් කොළඹ..ගෙදරට උස්සන් එන බෑග් මලු වගේම ගේ ගාවින් වීල් එකක බහිද්දි දැනෙනෙන්නෙ හැමදේම දින්න වගේ. ඉස්සර සිඟිති අක්කලා ඉන්නෙම මම එනකම් කොළඹින් ගේන පලතුරු මල්ලක් ගැන කටින් නොකිව්වත් හිතින් හිතාගෙන.. ඒ වගේ අහල පහල උන්ට, කොල්ලො කුරුට්ටොන්ට සලකගෙන ගෙදර යද්දි අම්මව දැක්කම හිත නිව්නා..
ඒත් දැන්.. මට ගම කිව්වම එහෙම සුන්දර දෙයක් මැවෙන්නෙ නෑ. අම්ම නැති පාලු ගෙදර.. ඉස්සර ලස්සනට පෙනුන ගමේ ලිඳ මිදුල, මිදුලේ බංකුව.. දැන් අමු අපායක කොටස් වගේ මට දැනුනේ. ඒ හැමතැනකම මට තිබුනේ සර්ගෙ මතකයන් වල කෑලි... ඒව ඇහිදින්න මට ආයෙ ගමට යන්න ඔනේ නෑ කියන තැනක ඉන්න මම ගම මතක්වෙද්දි මහගමසේකරගේ "ගම අමතකයි " නෙවෙයි මහීම අභිමාන් වික්‍රමසිංහ ගේ "ගම අපිරියයි" ලිව්ව හැකි..

නෙගටිව් 💜️Where stories live. Discover now