කොසලී මොනවා උනත් මට තාමත් එදා වගේම ගරු කලා. කොසලී පව්.. මම ඒකිගෙ මිනිහා එක්ක පවුල් කන්නේ.. මම පුලුවන් හැමදේම කලා... කොසලී වෙනුවෙන්.. රොහණගෙ හැමදේම අතට අහුවෙද්දි කොසලීගෙත් මගෙත් බැඳීම වැඩි උනා, ඒත් ඒ කොසලීගෙ හිතේ නෙවෙයි මගේ හිතේ විතරක්. ඇත්තටම කොසලී දිනුවා කිව්වෙ ඒකයි මම.. මම ජිවත් උනේ අපායක. කොසලීව බලෙන්ම මම රෝහණගෙන් ඈත් කලා තමයි.. ඒත් රෝහණට හිටියේ කොසලී විතරක් නෙවෙයි. කොසලීගෙ අවාසනාවට බඩ උනාට ඒ බඩ මට වසනාවක් උනා..
කොසලී මගේ අතට ලොකූව දුන්නා.."මැඩම් ගාව හැදුනොත් මගෙ කොල්ලට තාත්තෙක් හරි ඉඳී මැඩම්.."
"කොසලී බයවෙන්න එපා.. මම පොරොන්දු වෙනවා උඹට.. සත්තයි කෝසලී මේ මගේ පුතා.. මම මෙයාවා එදාට වඩා ඉල්ලන්නේ රොහණගෙන් මම අම්මා කෙනෙක් වෙන එකක් නැති නිසා කෝසලී.."
"ඒ කිව්වෙ මැඩම්.."
මම කොසලීට හැමදේම කිව්ව. කොසලී මං වෙනුවෙන් එදා හොස්පිටල් එකේදි අඩපු විදිහට මට දැනුනා. මාව බදාගෙන ඇඩුවා ඒකි...
"සර්ව අමතක කරන්න බැරි නිසයි මැඩම් මම මෙහෙම දෙයක් හිතා මතාම කර ගත්තේ.. අනේ මට සමාවෙන්න මැඩම්.. මම සර්ගෙ හැටි දැනගෙන හිටියා.. ඒත් මම කෝමද කටක් ඇරලා මැඩම්ට කියන්නේ. මට සමාවෙන්න දෙයියනේ.."
"කමක්නෑ කෝසලී.. ගෑණු අපි ලබා උපන් දුක මේක.."
"නෑ මැඩම්. මැඩම් සර්ට ආදරෙන් ඉන්න.. මැඩම්ට වරදින්නෑ.."
"ඌට ඕනේ ලස්සන බං.. උඹ තරම් මම ලස්සන නෑ කෝසලී.."
"මිනිස්සුන්ගේ හිත් ලස්සන උනාම ඇති කිව්වට ඒ බොරු මැඩම්.. මං මෙ දරුවා හදාගෙන ඉද්දි කී දෙනෙක් මිනිස්සු ආවද දරුවට තාත්තා වෙන්න.. මේ ලොකේ මිනිස්සු අන්ධ වෙලා ඉන්නෙ මිස්.. සමහරු සල්ලි වලින්, සමහරු මාන්නෙන්, සමහරු පෙනුමෙන්, සමහරු කතාවෙන්, අදිනපලදින විදිහෙන් මේ කොහොම හරි මිනිස්සු අන්ධ වෙලා.. ඒ හැමදේකින්ම දකින්න ඇතුලාන්තය බුදියන එක.. ඊට එහා තියන ආදරණීය බැදීම, එකාට එකා ඉන්න විදිහ, හිනාවෙන විදිහ.. එක බත් එකක් කන විදිහ.. ඒවා දකින්නේ මිනිස්සු කීයෙන් කී දෙනාද ? "