මම බැලුවෙ සර් එනවද කියලා. සර් ඒ කඩේ කැසියර් එක ගාවට වෙලා සල්ලි දෙන ගමන් ඉදියේ.. මම ආයෙම ඇස් පියා ගන්න හැදුවෙ මට අමාරු නිසා..
ඒත් එක්කම කවුරු හරි වීදුරුවට තට්ටු කරනවා ඇහුන නිසා මම කලබලෙන් බැලුවෙ කවුද කියලා..කාර් එකගාව නැවතිලා ඉන්න කෙනාව දැක්කම මම හිටියෙ කොච්චර උණ සන්නිපාතෙන් උනත් දාඩිය දාන්න ගත්තා..
'දෙයියනේ මම මොකද කරන්නෙ දැන්..' මගෙ වෙලාවට වෙන්න ඇති දොරේ ලොකෙක වැටිලා තිබුනා.. මම බැළුවෙ සර් දිහා.. සර් තාම කඩේ.. ' මෙයත් මොනා කරනවද මන්දා වතුර බොතල් හදනවද..?' එලියෙ ඉඳපු ලතික සර් මගෙ පැත්තෙ දොර අරින්න උත්සහ කරලා කාර් එක ඉස්සරහින් අනිත් පැත්තට එන්නයි හැදුවෙ.. මම පාත් උනේ මගෙ පැත්තෙ වීදුරුවෙන් පෙනුනත් ඉස්සරහ විදුරුවෙන් බැලුවොත් පේන නිසා..
මම පාත් වෙලාම ඉදියා.. ලතික සර් සර්ගෙ පැත්තෙ දොර ඇරන් ආව නම් එන්නත් වෙලා මම ඔලුව විතරක් උස්සලා බැලුවා. ලතික සර් ගිවන්ත සර් එක්ක කතාවක.. ගිවන්ත සර් දන්න නිසාම ලතික සර්ව කඩේ ගාවට ගෙන්න ගෙනද කොහෙද... මම අත්දෙක එකතු කරලා දෙවියන්ට වැන්දා. හරිනම් වදින්න ඔනේ දෙවියන්ට නෙවෙයි සර්ට..විනාඩි 05 කින් විතර සර්ලා දෙන්නම කතා කර කර ඉදලා ලතික සර් ගිහින් අපෙ කාර් එක පිටි පස්සෙ නවත්තපු බයික් එකට නැග්ගා. මම බලාගෙන ඉදියෙ පිටිපස්ස හැරිලා. කහ පාට බයික් එක සර්ගෙ පැත්තෙන් පාරට දාද්දි ගිවන්ත සර් ඇවිත් කාර් එක ගවින් හිට ගත්තා. ලතික සර්ගෙ අවදානෙ සර්ගෙ පැත්තට ගියෙ ඒක නිසා.. ලොකු හුස්මක් ගත්තෙ ලතික සර් රෙස් අශ්පයා වගේ බයික් එක පැදගෙන ගියායින් පස්සෙයි..
ලතික සර් පැදගෙන ගිය බයික් එකේ හුරුවක් මට තිබුනා.. සර් ලොට්‍රේන් නයිට් එකට මාව එක්ක යන්න ආවෙත් මේ බයික් එකමයි.. එතකොට සර් එදා ඇවිත් තියෙන්නෙ ලතික සර්ගෙ බයික් එකේ..
සර් එහෙම්ම කාර් එකට නැග්ගා.." තමුසෙව දැක්කද ..?"
"නෑ මං හිතන්නේ.."
"හුම්.. දැක්ක නම් ඕක ගෙදර ගිහින් කියනවා.. මම මොකක් හරි හදා ගන්න එපැයි කියන්න.."
"නැ.. සර් දැක්කෙ නෑ. මම පාත් වෙලා ඉදියේ.."
"හ්ම්.. හරි කො බෙහෙත් ටික ගන්නකො.."