"මහීම කියන්නේ කවුද..?"
"ම්...මම සර්.."
"ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා... එන්න.."
දෙව් මගෙත්, මම දෙව්ගෙත් දිහා බැලුණෙ එකම තත්පරේදි වෙන්න ඇති.. අපෙ ඇස් තිබුනෙ එක ගානට ලොකු වෙලා වෙන්න ඇති. දෙව්ගෙ ඇස් වලින් දැක්කෙ මගේම හැගීම්.. ඒ වගේම ආව කෙනා ගැන අපේ හිත්වල මැවෙන්න ඇත්තෙත් එකම කෙනෙක් වෙන්න ඇති කියලා මට හිතුනා...
එතන ඉඳපු කොස්තාපල් මාව විතරයි කූඩුව ඇරලා එලියට එක්ක ආවේ.. දේව් කූඩුවෙ ඉන්නැද්දි තවත් කොස්තා කෙන්ක් කූඩුව ලොක් කරද්දි දේව් අඟුල දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. මට දැනුනේ පපුව පලාගෙන යන්න දුකක්.. මට දේව්, තාමත් දේවින්ද විඳිහටම දැනුනා නම් මට මේ තරම් දුකක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්.. ඒත් දේව්ව මට මතක් උනා.. ඌ මට කරලා තියන උදව්, මේ ලොකේ කවුරුවත් කරලා නැතුව ඇති.. මට ආපු ගමන්ම කොළඹදි හම්බ්නේ මූව.. අපි නම් යාළුවො වෙන්නේ මේ අත්මෙදි විතරක් නෙවෙයි කියලා දැනුනා.. මම දේව් දිහා බලාගෙන හිටියේ කොස්තාපල් මාව එන්නයි කියලා උරහිස්ස පිටිපස්සෙන් තල්ලු කරද්දියි.. දේව් කූරු දෙකක් අල්ලගෙන මං දිහා හිනා වෙවී බලන් ඉදියා..
"උබ හින්දා මේක ඇතුලට විතරයි ආවේ නැත්තේ.(. .බල්ලො. .) දැන් ඒකත් හරි.."දේව් මට ඇහෙන තරම් හයියෙන් කිව්වෙ හයියෙන්ම හිනා වෙන ගමන්..
දේව්, ඌට ඒකත් ආතල්... ක්ලබ් යන කාලේ වගේමයි ඌ තාම.. මගෙ හිත ඇතුලේ අලුතින් දේව් ගැන අසීමිත ආදරයක් පැලපදියන් වෙද්දි මාව තල්ලු කර කර කොස්තාපල් මාව එක්ක ආවේ OIC හිටපු රූම් එකට..
"මහීම.. වාඩිවෙන්න.."
මම එතන තිබ්බ පුටුවක් සද්දෙ නෑහෙන්න අංශුවක් උත්සලා පස්සට අරං වාඩි උනා..
"ඔයාට ඇප ලැබිලා තියෙන්නේ... මෙහෙමයි.."
"මට විතරද ඇප ලැබෙන්නේ නෑනේ..?"
"නෑ නෑ. දෙවින්දත් රිලීස් කරනවා අපි.. මට දැනගන්න දෙයක් තියනවා මහීමගෙන්.."
"අහන්න සර්.."
මම කොළඹ ආවේ උත්තර හොයගෙන.. ඉතින් මම මේ වගේ කෙනෙක්ගෙන් ප්‍රශ්න බලාපොරොත්තු නොවුනත්, අපිට ලැබුන දෙයක් නැති වෙන්න යන්නෙ පොඩි, එක ත්ත්පරයක් විතරයි.. ඒත් දෙයක් ලබා ගන්න එහෙම බැරි බව මම දැනගෙන ඉඳියා... මම කල්තියාම හිත හදන් ආවේ එන ප්‍රශ්නෙකට මූණ දෙනවා කියලා.. මුලින්ම මට ලැබුනෙ සරළ ප්‍රශ්න.