"අම්මේ.."
"අම්මේ.."
මිසී මං ගාවට ආව.. ඇවිත් කියපු වචන මට හෙනයක් ගැහුවා වගේ උනා.. මට ඒ වචන සීතලම සීතල අයිස් කැට කන්දක් වගේ දැනුනා. මාව ගල් ගැහෙන්න ඇත්තේ ඒකයි.. හරිනම් මම කෑගහලා අඩන්න ඔනේ ඒ වචන ටිකට..
අශ්වයෝ ටිකක් වගේ එකපාරට සපත්තු සද්ද ටිකක් කලබලේට ඇහුනා. ඒ ඇහුනෙ මගෙ පිටිපස්සෙන් මම බැලුවේ කවුද කියලා.. මගෙ අම්මව බේර ගන්න පුළුවන් අයද කියලා.. එතකොටම අම්මගෙ ඇද ගාවට ඩොක්ටර්ස්ලා එක්ක සරුත් එතනට දුවගෙන ආවා.. හැමෝගෙම ඇස් අම්ම දිහාවට හැරෙද්දි අම්මගෙ ලොකු පුතාගේ ඇස් බලන් ඉදියේ මං දිහා... මම අම්මා දිහා බැලුවා. කඩාගෙන වැටුන ඔළුව කොට්ටෙන් බිමට පාත් වෙලා.. අම්මට හොදටම නින්ද ගිහින් ඩොක්ටර්.. මට දැනුනේ එහෙම...
මම අම්මව නැගිට්ටවලා කොට්ටෙන් හරි මැදින් ඔලුව තිබ්බා.. අම්මා සනීපෙට නිදියයි දැන්.. ඒත් ඇයි අම්මාගෙ අත් සීතල.. මම අම්මගෙ අත් අතාරින්න හැදුවත් ඒ අත් මගේ අත් අල්ලගෙනම ගල් වෙලා වගේ ගිහින්..
"මහීම අපිට කණගාටුයි ගොඩක්..."
ඩොක්ටර් මගෙ පිටට තට්ටු කරලා කිව්වෙ එච්චරයි.. නෑ ඒක වෙන්න විදිහක් නෑ. අම්මා මාව දලා ගිහින්ද..? මම අම්මගෙ ඇඳ වටේම තිබ්බ මැෂින් දිහා බැලුවා. ඒවා අක්රීය වෙලා. මෙච්ච්චර දවස් දුවපු කොළපාට ඉර නතර වෙලා තනි ඉරක් වගේ තිබ්බා.. ඇස් තෙමුනේ නෑ.. පපුව හිර වෙන්න ගත්තා.. මම අම්මගෙ අත් අල්ලගෙන ඒ මූණ දිහා බලාගෙන හිටියා... මම මේ ලොකේ සඳහටම තනි වුණා.. ඒ තනිකම කියාගන්න තෙරෙන්නෑ.. කාන්තාරයක් මැද ඉන්නවා වගේ, තෙරක් නොපෙනෙන සගරේ මැද්දට වෙන්න වගේ තනිවුනාම දැනෙන හැගීමත් මේ හා සමානම ඇති.. මට අම්ම ඇස් ඇරලා හිනා වෙනවා වගේ පේනවා..
ඉස්සර ඉඳලා හිටලා කොළඹදි මාස දෙකකට වතාවක් ගෙදර එද්දි අම්මා යහමින් දුවන පනින වැඩ හෙමින් කර ගත්තා. අම්මා මම එන දාට වැට ගාවටම වෙලා ඉන්නවා..
"මොකද අද මගෙ කොල්ලා පරක්කූ..."
ඈත තියාම මම හති දදා එද්දි අම්මා මාව පිලිගන්නේ වැටත් පැනලා ඇවිත්..
මම අම්මා එක්ක වචනයක් වත් කතා නොකර ඒ පපුවට තුරුල් වෙන්නේ හන්දියේ ඉඳන්ම පයින් ඇවිත් ගෙදරට යන්න තියන අඩි විස්සෙ කන්ද ඒ වෙලාවට පේන්නේ එවරස්ට් කන්ද වගේ. අම්මා මාව තුරුල් කරගෙනම ගෙට එක්ක එන්නේ ආදරෙන්..
ඒත් දැන් ඔයා නැතුව ඒ ගෙදර පාලුවට ගිහින් ඇති අම්මේ...
අම්මව තුරුල් කර ගනිද්දි ඉස්සර දැනුනේ දුම් ගඳක්. එයාගෙ පුතා එනවා කියලා බරටම උයනවා.. එක්කො උයලා දුන් ගදේ බෑ මම ඒ සුවඳට ආසයි.. දරත් එක්ක එන දුන් ඇදුම් වල වැදිලා රශ්නෙත් එක්ක දැනෙන්නෙ අමුතු සුවදක් මට..
පස්සෙ පස්සෙ අම්මගෙන් ආවෙ බෙහෙත් සුවඳක්.. අම්මා කාමරේටම වෙලා වැඩි හරියක් ගෙවද්දි මම දැනගත්තා අම්මට අමාරු බව.
ඒත් මට ඔනේ උනේ අම්මව සනීප කරගන්න.. ඒත් මම පරක්කු වැඩිද, මම හිතුනේ එහෙම..
මං අම්මා ලඟ නැති කාලේ බෙහෙත් පෙත්ත කඩා ගන්න බැරුව අසරණ වෙද්දි මම දුර්වලයි කියලා මට දැනුනා.. මම පරාදයි.. මම පරක්කුයි.. මගේ පව්කාරකමට මට අම්මට බෙහෙත් ටික අරන් දෙන්න බැරි උනා.. ලොකු මහත්තයෙට පෙන්නන්න වත්කමක් තිබ්බෙ නෑ.. මගෙ නමින් ඒ දේවලුත් වෙද්දි උනත් අපි පරක්කුයි ගොඩාක්..
ඩොක්ටර්ස්ලා කිව්වෙ එහෙමයි..