මම අන්කල්ට සමු දීලා කෙලින්ම ආව මගෙ කමරේට.. ඒ පිටම බොරුවක් කියලා ගිවන්තව කමරෙන් යවා ගන්නයි මට ඔනේ උනේ.. ඒත් දොර ලග ඉදන් බලද්දි ගිවන්ත හිටියෙ නෑ. මම බැලුවෙ වහනේ ඇතුල. ඒත් නෑ. මම කමරේ ඇතුලට ආව. ගිවන්ත ඉන්නව.. මම නොහිතපු විදිහෙ දෙයක් කරන ගමන්. ඒත් එක්කම කමරේ ඉන්න මිනිහාව දැක්කම මම ගල් ගැහුනා.. මේක වෙන්න බැරි දෙයක්නෙ.. මේ මිනිහ කොහොමද මෙහේ.. මම දොර වහලා දලා දොරට හේත්තු උනා, කිසි දෙයක පැහැදිලි බවක් මට පෙනුනෙ නෑ. මම අපැහැදිලි බැල්මෙන්ම ගිවන්ත දිහා බැලුවෙ මොනා හරි යමක් පැහැදිලි කර ගන්න..
"ඇයි, අදුරනවද..?"
"ස....ර්... ම්...මෙයා..."
"ඔව්, අදුරනවද කියපං මූව."
"ඔව්, කෑම කන.. තැන.."
"හුම්ම්.. හරි.. මොකද්ද මූ උබට කිව්වෙ.."
මම වචනයක් කිව්වෙ නෑ. ඒ ටික කතා කර ගත්තෙත් මම ආමාරුවෙන්.. මම අමාරුවෙන් ඉන්න මිනිහා දිහා බලාගෙන ඉදියා.
මේ ඉන්නෙ මගෙන් ගින්දර ඉල්ලපු එකා.. ඒත් ඌව මොකටද මෙහෙ ගෙනාවෙ ගිවන්තට ඇත්තටම පිස්සුද..?
මොනාද මේ වෙන්නේ.. මට කිසි දෙයක් තෙරුනේ නෑ.. මම ගිවන්ත දිහා බලන හැම වාරයකදි ගිවන්ත මං දිහා හිනා වෙවී බලාගෙන ඉදියා විතරයි.. ඒ අතරෙදි වරින් වර Remy martin vsop cognac බ්‍රැන්ඩි බොතලයක් කට තියාගෙන බිව්ව.. ගිවන්ත බොන්නෙ මේවද.. මම ගිවන්ත නාස්ති කරන සල්ලි ගැන ඒ වෙලාවට හරියන්න හිතේ ඇස්තමේන්තුවක් ගොනුකලාගිවන්ත කියන්නේ අමුම අමුබේබද්දෙක් කියලා දැන ගත්තෙ මම එවෙලේ. ඒ ජාතියේ බ්‍රැන්ඩි එකක සැර වගෙන මිලත් සැර බව මම ක්ලබ් එකේ දැනුමෙන් දැනගෙන ඉදියා.. මට ඒ වෙලාවෙ ගිවන්ත බොන එක ලොකූ ප්‍රශ්නයක් උනේ නෑ..
"දෙයියන්ගේ නාමෙට සර්.. පිස්සුද.. මේ මිනිහව යවන්න.. මොකද්ද මේ කරන විකාරේ.."
"මම මොකද්ද උඹට කිව්වෙ.."
"අනෙ මට වැඩක් නෑ, මූ යවන්න.."
ගිවන්ත බෝතලේ බිමින් තියලා නැගිටලා ගියේ ඒ මිනිහා ගාවට. බිමට පාත් වෙලා තිබ්බ මිනිහගෙ ඔලුව කොන්ඩෙන් අල්ලා ඉස්සෙවෙ ගිවන්ත. ඒ මිනිහට කෑ ගහන්න බෑ කට බැදලා. ඒ ගිවන්තගෙ ටයි එකෙන්.. යද්දිත් දාගෙන ගිය ටයි එක එනකොට කරේ තිබ්බෙ නැතිබව මට මතක් උනේ එවෙලෙයි..
ඒත් මූව කොහොමද ගෙනාව දෙයියනේ මම නොදැන.. ගිවන්ත ආයෙම කටහඩ අවදිකලා. මම ගැස්සිලා බැලුවෙ ඒ දිහා..