මම රාණිට කතා කරලා අම්මව ගේ ඇතුලට යැව්වා.. මම ආපහු පාර දිහා බලදි උදේ පාන්දර දාඩිය දන්න තරම් රශ්මයක් නැතත් මට හීන් දාඩිය දැන්මා.. සුදු හීල්ස් දෙකක් දා ගත්ත කකුල් දෙකක් වාහනෙන් බිමට බහිද්දි, බැහැලා ඒ කකුල් කලබලෙන් වහනේ ගාව එහෙ මෙහෙ යන ගමන් ගේට් එක පැත්තටත් එද්දිත් මගෙ කකුල් ගල් ගැහිලා එක තැනම නතර වෙලා තිබුනා.
තවත් කීප දෙනෙක් වහනෙන් බහිද්දි මම හැමදේම දැනගත්තා..
මට ඒ කකුල් නම් අඳුනන්න වැඩිවෙලා ගියේ නෑ.. මේ වගේ අදින්නෙ පළදින්නෙ නර්ස්ලා.. කොළපාට ඇදුම් වලින් ඇඟ වගහත්ත කීප දෙනෙක් වහනෙන් බහිද්දි හිත කලබලේට ම ගේට් එක ගාවට ගියා.." කෝසලී අල්මේදා..?"
ඉස්සෙල්ලම ආව සුදු හීල්ස් දාපු මැඩම් මගෙන් නමක් ඇහුවේ කොලයක් බලාගෙන.. මම ඔලුව වැනුවේ ඒ අම්මගෙ නම නිසා..
"ඔව්, ඒ අපේ අම්මා.. ඔයාලා..?"
"අපි මෙඩි කෙයා එකෙන්.. අපි ආවෙ එයාව එක්ක යන්න.. "
"කොහෙද ඩොර්ටර්..? "
"මම ඩොක්ටර් ශෙනායා..
අපිට අම්මව හොස්පිටල් ඇඩ්මීට් කරන්න කියලා .......... ඇවිත් තියනවා. ""හරි ඩොක්ටර්, එන්න.."
නිලුපුල් ඩොක්ටර් බලපු රිපෝට් ගන්න සර් ඉස්සෙල්ලම ගිහින්ද. එයාගෙ අම්මට වඩා වටින්නෙ මගෙ අම්මද සර්ට..
මට දැනුනේ සර් ගැන අසීමිත ආදරයක්.. අපි ආදරේ කරන කෙනෙක් අපි ආදරේ කරන කෙනෙක්ටම එයත් ආදරේ කරද්දි දැනෙන හැගීම කියන්න තෙරෙන්නෑ. මම එවේලාවේ ඒ හැගීම සර් මතක් කරගෙන වින්දේ වාහනය හරවලා මිදුලට දාද්දියි..
රමණි ඇවිත් ආව වහනේ හරවලා මිදුලට ගන්නකම් ගේට් එක අල්ලගෙන ඉදියා. ඒ වැඩේ ඉවර වුනාම මම රාණිට කිව්වෙ අම්මගෙ ඇදුම් ඔක්කොම ලෑස්ති කරන්න කියල...දැන් චුට්ට කට කලින් අම්ම එක්ක මම හීනෙකින්වත් නොහිතපු දෙයක් වෙද්දි හිතට මහා මූසල හැගීමක් දැනෙන්න ගත්තා.. හිත ඇතුලෙන් අඩන්න ගත්තේ අම්මාට ගොඩක් අසනීප ඇති, ඒකයි මේ හැමෝම කලබලෙන්, මගෙ හිතන ගමන් ගෙට ආවා..
මම ආව ගමන් සර්ට ගත්තේ ඒ ටිකට සර් කෝල් අරන් තිබ්බ නිසා. මම සර්ට ගත්තා, ඒත් ෆෝන් බිසි.. මම එහෙම්ම ගෙට ඇවිත් ෆොන් එක චාජ් දැන්මේ බැට්‍රි අඩු නිසා ඒ අස්සො ඕක ඕෆ් උනොත් සර්ගෙ හැටි දන්න නිසා..
මම අම්ම දිහා බැලුව. ඒ මූණෙ තිබ්බේ මේ දේවල් බලාපොරොත්තුවෙන් ඉදපු වගේ.. මගෙ පපුව හෝස් ගාලා ගියා..
ඊළඟ තත්පරේ රාණි ෆෝන් එක අරන් ආවා..