"අම්මේ.."
කල්පනාවක ඉඳපු අම්මා එහෙම්ම ඉඳියා. අම්මගෙ ඇස් විතරක් නෙවෙයි කණ් ඇහෙන එකත් දුර්වල වෙලාද මන්දා.. මම ඇදෙන් වාඩි වෙලා අම්මගෙ මූණ දිහා බලාගෙන ඉදියා.. මට වැඩිවෙලා බලන් ඉන්න උනේ නෑ. ඈදේ සද්දෙටත්, ඇද පාත් උන නිසාත් ව්ව්න්න ඇති අම්මා මං දිහා බැළුවා.. ඒ ඇස් කොයිතරම් දුර්වල උනත් මාව අදුරගන්න පුළුවන් වෙන්න ඇති.. ඒ ඇස් ලොකු උනේ ඒ එයාගේ එකම පුතාම ද කියලා බලාගන්න වෙන්න ඇති.. මම අම්මගෙ අත් දෙක අල්ල ගත්තා ඒ මූණ මාත් දැක්කෙ දවස් ගාණකින් නිසා...
"රත්තරෙනේ උඹ ආවද..?"
ඒ වචන ඇහෙද්දි මට දැනුනා, ඒ පපුව මාව කොයිතරම් නම් බලාපොරොත්තුවෙන් ඉන්න ඇතිද කියලා.. පපුව පිච්චිලා ගියා ඒ අත් මගෙ අත් ඇතෑරලා මගේ මූණ අත පය හෙමින් අතගාලා බැලුවේ හරියට මොනාහරි අඩුපාඩුවක් තියද බලන්න වගේ.. අම්මගෙ අත් වලින් ආවේ ලෙඩ සුවඳක්.. ඒ සුවඳත් එක්ක මට මහා පව්කාර හැගීමක් දැනුනා...
ඇස් වලින් කඳුලු වැටුන එක සාධාරණයි.. මාව තුරුල් කරන් නිදියාපු, මාව හදලා කරලා බලාගත්තු, කන්න බෑ කියලා රණ්ඩු කරද්දි බැන බැන කවපු, මේ මගේ අම්මා.. අම්මා දකිද්දි වෙන අයට සතුටක් දැනෙද්දි.. නිදහසක් දැනෙද්දි.. හිත නිවෙද්දි.. ආදරෙන් පිරෙද්දි මට දැනුනේ අසීමිත දුකක්.
අම්මා මං දිහා බලාගෙම යාම්තමට හිනා වෙන්න උත්සහ කලා.. මට මතක් උනේ මම කොළඹ යද්දි අම්මා ඉඳපු විදිහයි, දැන් ඉන්න විදිහයි.. ඒ කාල පරාසයන් අරන් බලද්දි දැන් අම්මා පරස්පරයි..
ගොඩාක් දුර්වල වෙලා..
මම හිතුවෙ මම සල්ලි හම්බකරලා එව්වම දිනලා කියලා.. නෑ මම පරද වෙලා.. මගෙ අම්මා වෙනදටත් වඩා දුර්වල වෙලා ඉන්නව දකින්න මට ඔනේ උනේ නෑ..
හිටි ගමන් වෙව්ලන අත් වලින් අම්මා මූණ අතගාගා බලද්දි මම ඒ අත් අරගෙන පපුවට තුරුල් කරගෙන ඒ අත් හෙමින් අම්මගෙ පපුව උඩින් තියලා අම්මට බරක් නොඑන්න ඒ පපුවෙන් තුරුල් උනා.."ඇයි මගෙ මහත්තයෝ මේ.."
මම අම්මට කියන්නද අම්මා දුර්වල වෙලා කියලා.. 'අම්මේ ඔයා වෙනදට වඩා ලෙඩ පාටයි..' කියලා.. කොහොමද මම ඒ හිතට හයියක් වෙන්නේ..
කරන්න තියෙන්නෙ එකම දෙයයි. මම ඒ පපුවට වෙලා ටිකක් වෙලා කල්පනා කරලා නැගිට්ටේ අම්මා ආයෙම මව හෙමින් හොල්ලන ගමන් ඇයි අහද්දිමයි..