07 වන කොටස

984 84 46
                                    

මං හිටියේ සහස්ට පිටිපස්සෙන් වාඩි වෙලා වුනත් දැනටමත් මගෙයි සහස්ගෙයි අතර තිබුනේ සෙන්ටිමීටර් ගානක පුන්චි පරතරයක් විතරමයි....... ඔලුව පැලෙන්න තරම් රිදෙන්න ගත්තත් මං ඒක පුලුවන් තරම් අනිත් හැමෝගෙන්ම හංගං ඉන්න උත්සාහ කරා...........වෙලාව හවස හයට විතර ඇති.... හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කරනවා කිව්ව ගමන්ම සහස් මහිම එක්ක ගෙදර ගිහින් එයාලගේ ඇඳුනුත් මාරු කරගෙන ආපිට ආයෙත් හොස්පිට්ල් එකට එන්න ආවා......ඒ එනකනුත් නවෝද් හිටියේ මේ මාත් එක්කමයි... කොච්චර මට තනියම ඉන්න පුලුවන් කියලා කිව්වත් නවොද් නෙවෙයි මාව එක විනාඩියකටවත් තනි කරේ......... සමහර විට මං ආයෙත් පිස්සු වැඩක් කරගනී කියලා ඌට බය හිතෙන්න ඇති....ඇත්තටම සහස්ටත් මාව දාලා යන්න ඕන වුනේ නෑ... එයාට ආපු කෝල් එකක් හින්දා ඇඳුම් මාරු කරන මුවාවෙන් සහස් මහිම එක්ක බලෙන්ම වගේ එයාලගේ ගෙදර යන්න පිටත් වුනා... මට තේරෙන්නේ නෑ.... සහස් හැසිරෙන්නේ හරිම අමුතු විදියට... කොටින්ම එයාලා හැසිරෙන්නේ අපෙන් ලොකු රහසක් හංගනවා වගේ වෙනකොට එයාලම ඒක කියනකං අපි ඉස්සර නොවී ඉන්නවා කියලා මායි නවෝදුයි තීරණය කරා........

අපි දැන් ඉන්නේ අර හැමදාම මමයි නවෝදුයි සෙට් වෙන ඒ රෙස්ටුවරන්ට් එක ගාව..........මහ රෑ නොවුනත් වැහි අන්ද බීරිය නිසාද කොහෙද වෙලාවට වඩා අද වට පිටාව හුඟක් අඳුරු වෙලා තිබුනා..........

" මොනවහරි බොනවද ම්ම්........."

" එපා......"

" එහෙනම් අයිස්ක්‍රීම් එකක් අරං දෙන්නද...."

" එපා අයියේ එපා ......."

මං බලාගෙන මොනවහරි බොන්න ඕනෙද කියලා අහපු සහස් ඊලගට මගෙන් ඇහුවෙ අයිස්ක්‍රීම් එකක් අරං දෙන්නද කියලා වෙනකොට මං ආයෙම වතාවක් එපා කියලා අයියව ප්‍රතික්ෂේප කරා... මේ වෙලාවේ මගේ ඔලුවෙ ඇවිලෙන ගින්න ගැන දන්නේ මේ මංම විතරයි දෙයියනේ.....මං යනකොට තාත්තා ගෙදර හිටියොතිං එහෙම මට අදත් සැනසීමේ නිදාගන්න බැරි වෙයි... ඒ අස්සෙ මගේ ඔලුව මහ පුදුමාකාර විදියට වේදනා දෙනවා..........

" ඇයි මේ....ම්ම්......"

එයා මගේ හෙල්මට් එක හරි පරිස්සමට ඔලුවෙන් අයින් කරා.... ඒ කරලා අවුල් වෙලා තිබිච්ච කොන්ඩෙ පවා හරි හෙමීට ආයෙත් පිලිවෙලකට හදන්න පටං ගත්තා...... සනීපයි.... ඇත්තටම ඒ අත් වල මහ අමුතු මැජික් බලයක් හැංගිලා තිබුනා........ අපිත් එක්කම රෙස්ටුවරන්ට් එක පැත්තට ආපු අනිත් දෙන්නා අපිටත් නොකියම ඇතුලට යනකොට අන්තිමට මායි සහසුයි විතරක් තට්ට තනියම අපේ බයික් එක ගාව තනි රකින්න පටං ගත්තා........ සමහර විට නවෝද්ට බඩගිනි ඇති....... අනේ මොනවා වුනත් මහිම අයියා නවෝද් ගැන හුඟක් වද වෙනවා ....

~හීන~ Where stories live. Discover now