120 වන කොටස

985 69 47
                                    

මගේ කටින් පිට වෙච්ච ඒ වචන දෙක තුන ඇහුනා විතරයි සහස් ගොළු වුනා.... හරියන්නෑ සරසි අම්මෙ.... ඔයාගේ පොඩි පුතා මේ අවුරුදු ගානට හොදටෝම ඩවුන් වෙලා ගිහින්නෙ... දැන් ඉතිං මටම තමයි මේකාගෙ ඔය බැහැපුවා ටික ආයෙම වතාවක් නග්ගලා ගන්න සිද්ද වෙන්නේ........

" සහස්......සන්දේෂ්....... තෙන්නකෝන්......උඹ ඉස්සර නම් ඔහොම නෑ අයියේ....."

මගේ ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක තුන ගලවන ගමන්ම මං සහස්ව අවුස්සන්න පටං ගත්තා.... හැබැයි ඔය මොනම වචනයක් වත් මං කිව්වෙ අයියගෙ ඇස් දෙක දිහා බලාගෙන නම් නෙවෙයි.....මං කෙරුවේ මගේ ෂර්ට් එක දිහා බලාගෙන හෙන කුපාඩි විදියට හිනා වෙච්ච එක විතරයි....

" එලියෙ හොදටෝම වහිනවා .......මං තෙමිලත් එක්ක ඉන්නෙ....අනේ මට හෙන සීතලයි අප්පා.........."

" උඹ ඔය හදන්නෙ මාව අවුස්ස ගන්න චූටි...."

අන්න හරි...ඔය තියෙන්නෙ මට සහස්ගෙන් අහගන්න ඕන වෙච්ච වන් ඇන්ඩ් ඔන්ලි සෙන්ටෙන්ස් එක....මං හිතන්නෙ කොල්ලට මගේ Assignment එක ගැන තේරුනා ......

" ඒකනෙ කියන්නෙ....පව් පොඩි එකාට සීතලේ ඇල්ලුවොතිං එහෙම කවුද අනේ මාව බලාගන්නෙ...."

මගේ ෂර්ට් එකේ තිබුණු හැම බොත්තමක්ම වගේ දැනටමත් ගැලවිලා ගිහිල්ලා ඉවරයි....... වතුරට තෙත් වෙච්ච පපුව දැක්කහමවත් සුදු මහත්තයට නැග්ගෙ නැත්තං එහෙම ඌට ලාදුරු කියලා ඔයාලා හිතාගන්න හොදේ.......මාත් වෙන පැත්තක් බලාගන්නවා ...මොකද මට බෑ ලාදුරු කාරයෙක් එක්ක ජීවත් වෙන්න......

" උඹ හෙන කපටී රෙහාන්......"

මෙච්චර වෙලාම කාමරේ දොර ගාවට වෙලා මං දිහා බලාගෙන හිටපු සහස් අඩියෙන් අඩිය මේ මගේ දිහාවට හෙමින් සැරේ ඇවිදගෙන එන්න පටං ගත්තා.......

" ඉතිං මට සීතලයිනෙ හලෝ...."

" සීතලයි නං ඉතිං අපි රත් කරවලා ගමු...."

බක පණ්ඩිතයා වගේ මෙතන දෙඩෙව්වට මොකද ඒ කියපු කතාව හින්දා නං මාව එකසීය ගානට රතු වෙලා යන්න ඇති.......

" මහ ලොකු කියවිල්ල විතරයි......මොකෝ මේ රතු වෙලා.... ම්ම්........"

" ඇයි....මට රතු වෙන්න බැරිද අහ්......"

~හීන~ Where stories live. Discover now