ලෝකෙ තියෙන ටොප් ක්ලාස් කම්පැනීස් වල ඩිරෙක්ටර්ස්ලා මැනේජර්ස්ලා අද මෙතනට ඇවිත් හිටියා.....මේ අපේ කම්පැනි එක හරහා කරපු ඉවෙන්ට් එකක් එහෙම නෙවෙයි....කම්පැනීස් සේරම එකට එකතු වෙලා කරපු ලොකු ප්‍රොජෙක්ට් එකක්..මමයි මගේ ටීම් එකයි කෙරුවේ අපේ කම්පැනි එක රිප්‍රසන්ට් කරපු එක විතරයි....අපි වගේම තව රටවල් වල මැනේජින්ග් ටීම්ස් ඉවෙන්ට් එකට සහභාගි වෙලා තිබුනා.....ලංකාවෙ වගේම පිට රටවල් වලත් .......
දවස දෙකක් පුරාවටම කොළඹ BMICH එකේ තිබිච්ච අපේ ඉවෙන්ට් එක අද හවස තුන වගේ වෙනකොට ඉතාමත් සාර්ථක ආකාරයට ඉවරයක් වෙලා ගියා.....සෑහෙන්න ඩිරෙක්ටස්ලා මැනේජර්ස්ලා මේ ඉවෙන්ට් එකත් එක්ක එකතු වෙච්ච හින්දම මං ආපු වැඩෙත් මට ගේමක් නැතුවම ඉවරයක් කරලා දාගන්න පුලුවන් වුනා.... සාමාන්‍යයෙන් අපේ ලොක්කා ලංකාවෙ තියෙන ඉවෙන්ට් එකක් ගැන වැඩිය කෙයාර් කරන ජාතියෙ මනුස්සයෙක් එහෙම නෙවෙයි... මොකද මිනිහගේ ඇස් දෙක හැම දිස්සෙම වගේ හෙව්වෙ ටිකක් හයි ක්ලාස් ලෙවල් එකේ භාණ්ඩ.....සරලව කියනවනම් මිනිහගෙ ෆෝකස් එක තිබුනේ BMW වත් අවුඩි වත් බෙන්ස් වත් ඔය කියන හයි ක්ලාස් බ්‍රෑන්ඩ්ස් ගාව නෙවෙයි... ඌ කෙලින්ම ඇල්ලුවෙ බුගාටි සුප්රා වගේ අල්ට්රා ප්‍රෝ මැක්ස් ලෙවල් වල වාහන....මාවයි අපේ මැනේජ්මන්ට් ටීම් එකයි මෙහාට එවන්න තීරණය කරපු ප්‍රධානතම හේතුව තමයි අර මං කලින් කියපු වාහනත් එක්ක ගනුදෙනු කරන ලොකු ලොකු අතු එහෙමත් අද මේ ඉවෙන්ට් එකට ජොයින් වෙච්ච එක....කොටින්ම කියනවනම් පොරට ඕන වුනේම මං ලව්වා උන් එක්ක කතා බහ කරවලා අපේ කම්පැනීස් අතර පොඩි කනෙක්ෂන් එකක් ඇති කරව ගන්න එක වෙනකොට අනේ ඉතිං ඌට ඕනෙ කොහොමද මාත් ඒ විදියටම හම්බෙන හම්බෙන එකා ගාවට ගිහිං කතා බහ කරලා අපේ කම්පැනීස් අතර තරමක් ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදා ගන්න මට පුළුවන් තරමින් මං උත්සාහ කෙරුවා ....මොකද ලොක්කා දන්නවා මං දත් තිස් දෙකම පෙන්නලා හිනා වුනාට පස්සේ එතනින් ගේම් එක ෂකබුම් කියලා.... මිනිහා වුනත් රැවටුනෙ මගේ හිනාවට මිසක් වෙන මොකටද ඉතිං.......
" රෙහාන්.....අපි දැන්ම හොටෙල් එකට යනවද බං......"
ඉවෙන්ට් එක ඉවර වුනාට මොකද එතන තාමත් මිනිස්සු ගැවසිච්ච හින්දම මං පොඩ්ඩක් මිනිස්සු අඩු තැනකට ඇවිත් මගේ ෆෝන් එක චෙක් කරන ගමන් හිටියේ..... ඒත් එකපාරටම වගේ එතනට කඩං පාත් වෙච්ච ෂෙහාරා හින්දා මාව පොඩ්ඩක් විතර ගැස්සිලා ගියා....
YOU ARE READING
~හීන~
Romance" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."