106 වන කොටස

1.1K 87 20
                                        

අයියා මගෙන් ඈතට යනකම්ම මට අපේ වටේ තිබිච්ච දේවල් ගැන ලොකු තේරුමක් තිබුනෙ නෑ....තේරුමක් තිබුනෙ නෑ නෙවෙයි සහස් මට ඒ දේවල් එහෙමයි කියලා තේරෙන්න වැඩ කෙරුවේ නෑ.....මාව පරිස්සම් කෙරුවා ...මං පොඩි එකෙක් ගානට එයාගේ වටේ දැවටි දැවටි මගේ ආතල් එක ගන්නකොට අයියා කරලා තියෙන්නේ මේ හැම දෙයක්ම එයාගේ ඔලුව ඇතුලෙ තියාගෙන තනියම විදවපු එක......

" ඒ රෙහානයා..... වරෙන්කො යන්න...."

ඩෙස්ක් එකට ඔළුවත් ගහගෙන ලොකු කල්පනාවක හිටපු මං රසිකගෙ කටහඬත් එක්කම ආපහු පියවි සිහියට එන්න ආවා

" කොහෙටද....."

" කැන්ටිමට...."

" මට බෑ බං උඹලා ගිහින් වරෙල්ලා....."

" අනේ අනේ යමංකො බං......"

" දැන් එකපාරක් කිව්වනෙ රසික....මට බෑ.... උඹලා යන දේවාලෙක ගිහින් වරෙල්ලා......"

" මොකක්ද බං උඹට ඔය වෙලා තියෙන්නේ....."

" මට මොනවා වෙන්නද බං...."

" ඒකම තමයි මාත් දැන් බොගෙන් ඇහුවෙ....උඹ ඉස්සර ඔහොම නෙවෙයිනෙ රෙහාන්....."

" මිනිස්සු හැමදාම එකම විදියට ඉන්නෙ නෑනේ රසික..."

" උඹට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනං ඒ ගැන අපිත් එක්ක හරි කතා කරහංකො මචං.....ඔහොම පැත්තක් අල්ලගෙන බලාගෙන හිටියයි කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑනේ රෙහානයා....."

" එහෙම මුකුත් නෑ....."

" උඹට ෂුවර්ද අහ්......"

" ම්ම්....."

" හරි දැන් එන්න බැරි නං එනකොට මයෙ පුතාට මොනවද ගේන්න ඕනෙ කියලවත් කියහං..."

" මට මුකුත් එපා...."

" ඔය බලහංකො ඉතිං.... මූ කොච්චර නෑ කියලා කිව්වත් මෙතන මොකක්මහරි මගුලක් වෙලා තියෙනවා යසිත්....."

" ඇත්ත.....මාත් දැන් සති දෙක තුනක ඉදගෙන මුගේ මේ කල් කිරියාව දිහා හොදට බලාගෙනයි හිටියේ ....මචං නවෝදයා මූට මොකක්ද බං මේ වෙලා තියෙන්නේ......"

" උගෙ මිනිහා ඌව දාලා ගිහිල්ලනෙ......."

මගේ පිටිපස්සෙන් ඇහිච්ච ඒ කටහඬටයි උන්ගේ සක්කිලි හිනාවල් වලටයි පින් සිද්ධ වෙන්න මට ඒ වෙලාවේ මගේ මාරයා ආවේස වුනා කියලා කිව්වොත් මං හරී ....

~හීන~ Where stories live. Discover now