87 වන කොටස

347 32 21
                                    

" අයියත් එක්ක රණ්ඩු නොකර පරිස්සමට ඉන්න ඕනේ පොඩී....තේරුනාද....."

" හරි අම්මා....."

" ලොකූ ඔයත් දැන් ඔය රස්තියාදු ගහන වැඩ නවත්තලා ලොකු අම්මලගෙ බිස්නස් එක ගැන පොඩ්ඩක් බලන්න පුතා...."

" අම්මා ප්ලීස්....."

" ලොකූ මං ඔයාට කිව්වනේ දරුවො...."

" ඔය කට හැකර ගෑණි ගියපු පාරකවත් මං යන්න කැමති නෑ....."

" ශෙහාන් ඒ ඉන්නෙ ඔයාගේ ලොකු අම්මා....."

" ඒකම තමයි ඔය ගෑණි තාම පණ පිටින් ඉන්නෙ....අම්මගෙ අක්කා නොවුනනම් එහෙම මං මෙලහකටත් ඔය නිරංජනාගෙ හත් අවුරුද්දෙ දානෙ ලෑස්ති කරනවා...."

මොනවා වුනත් මේ අයියා මලෝ ඩබල හෙන ආතල් නේද ඕයී....මං නම් කියන්නෙම ඔය වගීෂා අම්මගෙ ලොකු අක්කා ඉන්නවා නේද....ඔය ගෑණි දවසක හොද පාඩමක් ඉගෙන ගත්තොත් ඉගෙන ගන්නෙ ඒ මුන් දෙන්නගෙ රෙද්දවල් වලට හොම්බ දාන්න ඇවිල්ලම තමයි......

" ලොකු පුතා කැමති නැත්තං එයාට බල කරන්න යන්න එපා වගීෂා....දැන් මෙයාලා පොඩි ළමයි නෙවෙයිනෙ...හරි වැරැද්ද මොකක්ද කියලා හිතලා බලලා එයාලටම වැඩ කරන්න දුන්නොත් නේද හොද....."

" ඔයා හින්දා තමයි චිරාත් මේ දෙන්නා මේ විදියට මුරණ්ඩු වෙලා තියෙන්නේ......"

" අහ් අහ් මොකද මේ කෙල්ලයි කොල්ලයි මරාගන්න හදන්නේ අහ්.....ඈ වගීෂා අම්මෙ...ඔයා මේ හිත සන්තෝසෙන් යන්න ඕනේ ගමන නේද මේ කෙතල හිඹුටු ලොකු අම්මෙක් හින්දා නිකං මරුමුස් කරගන්න හදන්නෙ අහ්...."

" දැක්කනෙ මේ පොඩි එකාට තේරෙන දේවත් මේ අම්මට තේරෙන්නේ නැති එකනෙ බං මෙතන තියෙන ප්‍රශ්නෙ....."

" ඔයා මැදින් පයින්නැතුව ඉන්නකො චිරාත්....වගීෂා අම්මා දන්නවා හොදට දේවල් තේරුම් ගන්න....නැද්ද වගීෂා අම්මෙ......."

" ඒකනෙ ....."

" හිත රිද්දගෙන යන්න එපා අම්මෙ.....යන්න ආපු ගමන හිත හොදින් ගිහිං එන්න....ඔය ලොකු අම්මගෙ කන් කරච්චලේ ගැන අපේ සෙහාන් බ්‍රදර් ලබාගනී......"

" ඔක්කොම කුණු බේරෙ වැවට වගේ දැන් ඒකත් බැර වෙන්නෙ මගේ අකවුන්ට් එකටද අහ්..."

~හීන~ Where stories live. Discover now