121 වන කොටස

450 32 20
                                    


සල්ලි වලට වඩා හම්බකරන්න ඕනෙ මිනිස්සුන්වලු....

සහතික ඇත්ත කතාවක්.....නිකමට හිතන්නකෝ මැරිච්ච මිනියට අත ගහන්න තියා මල ගෙදර තනි රකින්න එක බල්ලෙක්වත් නෑ කියලා තේරුම් යනකොට  එතනින්ම තමුන් මනුස්සයෙක් විදියට පරාද වෙලා  ඉවරයි නේද.....හම්බ කරපු මුලු සේසතම පැත්තක කුණු වෙලා යනකොට මැරුණට පස්සේ පෙට්ටියට දාගන්න පුලුවන් වෙන්නෙ පණ ගියපු මල කඳ විතරයි කියලා ඔය කාට කාටත් හරි ඉක්මනට අමතක වෙලා යනවා....ඔන්න ඕකයි මේ සේරටම මුල.....

මං හිටියෙ මගේ සහස්ට එහාපැත්තෙන් ඇවිදින ගමන්... මිනිස්සු හරි සනීපෙට හිතේ සැනසීමෙන් මෙතන නිදාගෙන ඉන්නවා......

ඔව්....බොරැල්ල කනත්ත......

මං සහස් එක්කම ඇවිදගෙන ආවේ බොරැල්ල කනත්ත දිහාවට වෙනකොට අපි දෙන්නට දෙපැත්තෙන් තිබුණු  සොහොන් කොත් ටික පහු කරගෙනම මං අයියත් එක්ක අපිට ඉස්සරහින් පේන්න තිබුණු ඒ කොන්ක්‍රීට් පාර දිගේ ඉස්සරහටම ඇවිදගෙන එන්න පටං ගත්තා.....

අපි ආවේ අයියගෙ අප්පච්චිව බලලා යන්න...ඇත්තටම බලලා යන්න ආවමත් නෙවෙයි...මන්දන්නෑ මට තේරෙන්නේ නෑ...කොටින්ම මාත් එක්ක ගමනක් යංද චූටි කියලා සහස් අහපුවම මං අයියත් එක්කම එයාගේ කාර් එකට ගොඩ වුනා මිසක් යන්නෙ කොහාටද ඇයි යන්නෙ කියන කිසිම දෙයක් ගැන මට මේ වෙනකනුත් ලොකු තේරුමක් තිබුනේ නෑ.....

මට එහාපැත්තෙන් ඔහේ ඇවිදගෙන ගියපු සහස්ගෙ අත මං හෙමීට ගිහින් අල්ල ගත්තා...ඒත් එක්කම වගේ අයියත් කෙරුවේ මේ මං දිහා බලාගෙන දැනෙන නොදැනෙන ගානට හිනා වෙලා මගේ අත තව ටිකක් තද කරලම අල්ල ගත්තු එක....එයා ඉන්නෙ සෑහෙන්න ලොකු හිතේ වේදනාවකින්..... හේතුව ඉතිං මං ආයේ අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕන කමක් තිබුනේ නෑනෙ.....මොනවා වුනත් පහු ගිය අවුරුදු ගාන පුරාවටම සිද්ද වෙච්ච දේවල් ගැන දන්නෙ එයා විතරමයි......
මං කොයි වෙලාවෙත් මගේ කතාව ගැන විතරක්ම කියෙව්වට මොකද මෙතන තව පැත්තකුත් තියෙනවා කියලා කියන්න මට අමතක වෙලා ගියා.....මං තරමටම තවත් එකෙක් විදෙව්වා නේද කියන කාරණාව ගැන මං එහෙම් පිටින්ම වගේ අමතක කරලා දැම්මා.... එච්චර විදවලත්....මං එච්චරට අයියට නපුරු කම් කරලත් සහස් අදටත් උත්සාහ කරන්නෙ එක වචනෙකින් වත් මගේ හිත නොරිද්දවා තියන්න වෙනකොට පහුගිය කාලේ මං හැසිරිච්ච විදිය ගැන මට මතක් වෙනකොටත් මගේ හිත ඇතුළේ ඇති වුනේ ලොකු පසුතැවීමක්....මොකද දැන හෝ නොදැන මාත් කෙරුවේ සහස්ට තව ගින්දර දීපු එක ..... රිදිච්ච එකාව තව තවත් රිද්දපු එක.....ආදරෙන් බලා ගන්න ඕන තැන හිතක් පපුවක් නැති එකෙක් ගානට හැසිරිච්ච එක.....

~හීන~ Where stories live. Discover now