59 වන කොටස

299 30 27
                                    

බෙහෙත් ගන්න ආපු එක පැත්තක දාලා මං එහෙම්මම සහස් එක්ක දුවගෙන ආවේ කොළඹ මහ ඉස්පිරිතාලෙට.... මගේ පපුව නිකං දැන් ගැලවිලා වැටෙන්න වගේ දෙයියනේ....මේ දවස් දෙක තුන පුරාවටම මගේ හිතට නිවනක් තිබුනෙත් නෑ.....ඒ අස්සේ දැන් තවත් ප්‍රශ්නයක්... වෙලාවකට මට හිතෙනවා මේ හැම හුත්තම සිද්ද වෙන්නේ මගේ තිබුණු පව්කාරකම හින්දද කියලත්......ඇයි දෙයියනේ මේ ලෝකේ තව මිනිස්සු ඉන්නකොට මගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතත් එක්කම විතරක් ඔබතුමා මේ විදියට සෙල්ලං කරන්න ශදන්නෙ......

මට දුවාගන්න මගේ කකුල් වලට කිසිම පනක් තිබුනේ නෑ.... ඒත් මං දිව්වා.... මිනිස්සුන්ගෙ ඇඟ වල් වල හැප්පි හැප්පී මං කරේ මගේ මාමාව හොයාගෙන පිස්සෙක් වගේ මුලු ඉස්පිරිතාලෙ පුරාම දුවපු එක.....සමහරු නම් මට කුනුහර්පෙනුත් එක්ක බයින්න ඇති..... ඒත් මට දැන් ඒ කිසිදේකින් ඇති වැඩක් නෑ ....මට ඕනෙ කොහොමහරි කරලා මගේ මාමාව හොයාගන්න විතරමයි.......

" රෙහාන් ..... ඔහොම නවතින්න........"

සහස් මට කොච්චර නවතින්න කියලා කිව්වත් මේ වෙලාවේ මට නවතින්න කිසිම ඕන කමක් තිබුනේ නෑ...... යන්නේ කොහෙද කියලා මෙලෝ සීසන්නයක් නැති තැන සහස් කරේ බලෙන්ම වගේ මාව නතර කර ගත්තු එක....

" රෙහාන්......! "

" මාව අත අරින්න අයියේ මං... මං මගේ මාමා ගාවට යන්න ඕනේ....."

" මුලින්ම සන්සුන් වෙලා ඉදපං චූටී..... උඹ යන්නේ කොහෙද කියලවත් උඹට කිසි තේරුමක් ඇත්තේ නෑ......"

දෙනෝ දාහක් උඩ පහල ගියපු පඩි පෙල උඩ නැවතිලා සහස් මගේ මූණට අත් දෙක තියාගෙන එහෙම කියනකොට මගේ ඇස් වල තිබුණු කදුලු මටත් හොරෙන්ම අයියගෙ අත් දෙක දිගේ පල්ලම් බහින්න පටං ගත්තා...

" අයියේ.....මාමා ......."

" ශ්...... සේරටම කලින් මට වෙච්ච දේ කියපං රෙහාන්...උඹ කියපු හින්දා මං උඹව මෙහාට එක්කගෙන ආවා මිසක් මෙතන සිද්ද වුනේ මොනවද කියන්නවත් මං හරියට දන්නේ නෑනේ ......"

කතාව ඇත්ත..මාව හොස්පිට්ල් එකට එක්කගෙන පලයං කියලා මං සහස්ට කෑ ගැහුවා මිසක් ඇයි යන්නේ මොකටද යන්නෙ කියන වගක් අයියට කියාගන්න තරම් මට ඒ වෙලාවෙ මෙලෝ සීසන්නයක් තිබුනේ නෑ.......

~හීන~ Where stories live. Discover now