[සහස්ගෙ මානයෙන්]
අනිච්චාවත සංකාරා කියලා ලොකු අකුරින් ගහලා තිබිච්ච මරණ දැන්වීම දිහා මං ඔහේ බලාගෙන හිටියා....ඇස් දෙකෙන් එක කදුලු බිංදුවක්වත් වැටුනෙ නෑ අප්පච්චි....එතනම ඔයා අප්පච්චි කෙනෙක් විදියට පරාදයි.....මට දීපු ගින්දරේ තරමට හරිනං ඔය මිනියටවත් මට කර ගහන්න අද හිත දුන්නෙ නෑ...... ඒත් මගේ ඇගේ දුවන ලේ වලට මට පිටුපාන්න බැරි වුනා.... මගේ අම්මගෙ ඇස් වලට තව දුරටත් කදුලු පුරවන්න බැරි වෙච්ච හින්දම මට අද ඔයාගේ මිනියට අත ගහන්න සිද්ද වුනා....ඉන්න තැනක හොදින් ඉන්න කියලා මං කීයටවත්ම ප්රාර්ථනා කරන්නෙ නෑ අප්පච්චි....මොකද ඔය කරගත්තු පව් කන්දරාවෙ හැටියට ආයේ කිසිම ආත්මෙක ඔයාට ඉපදීමක්වත් සුගතියක් වත් බලාපොරොත්තු වෙන්න බෑ.... ඒත් වැරදිලා හරි ආයෙම වතාවක් ඉපදුනොතිං එහෙම මගේ අහලකටවත් එන්න එපා කියන එක විතරක් මං අද ප්රාර්ථනා කරනවා.....ඒ තරමටම උඹ මාව අන්ත අසරණ කෙරුවා මගේ අප්පච්චි...... මට මාවම නැති වෙන තැනට වෙනකම්ම උඹ සෑහෙන්න පව් පුරවගත්තා...... අන්තිමට...... අන්තිමට මං මගේ පණ වගේ ආදරේ කරපු මගේ කොල්ලවත් මගෙන් ඈත් කරවලා දාලා උඹ මගේ ජීවිතේ එහෙම් පිටින්ම මිහි පිට අපායක් කරලා දැම්මා .....
" පොඩී......"
මගෙ උරහිස බර වුනා....ඇවිත් හිටියේ මගේ අයියා....ඌ දන්නවා මං විදවපු විදවිල්ලෙ තරම ගැන.....
" අම්මා කන්න කතා කරනවා සහස්....."
" මං එන්නං අයියෙ...."
" දැන් යමු....උඹ අද දවසටම මුකුත් කාලා නෑනේ......"
" බඩේ ගින්දරට වඩා හිතේ ගින්දර වැඩි වෙනකොට කන බත් කටක්වත් උගුරෙන් පල්ලෙහාට යනවද අයියේ......"
" උඹ ඔහොම කතා කරනකොට මගෙ පපුව වාවන්නෙ නෑ බං......"
" මට තව අල්ලගෙන ඉන්න කිසිම හයියක් ඇත්තෙ නෑ මහිම....මට යන්න දීපං බං උඹට පින් සිද්ධ වෙයි..මට දැං මේ දේවල් එක්ක හැප්පිලා හරිම තෙහෙට්ටුයි.....අම්මට උඹ ඉන්නවනෙ ..... ඒ හින්දා දෙයියන්ගෙ නාමෙට මාව මේ වගකීම් වලින් නිදහස් කරපං අයියේ....."
" මොනවද යකෝ තෝ ඔය දොඩවන්නේ අහ්......."
" ඕයි මහිම තොට පිස්සු හැදිලද යකෝ...මේ කොල්ලව මරාගෙන කන්න හදන්නෙ....."
YOU ARE READING
~හීන~
Romansa" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."