43 වන කොටස

289 25 2
                                    

ඔරලෝසුවේ කටුව විතරක් හරි සද්දෙන් එහා මෙහා දුවනකොට මං ඇඳට වෙලා කල්පනා කරේ අද ගෙවිච්ච දවස ගැන...........මොකද අදින් අයියලගෙ ඒ ලෙවල් එක්සැම් එක ඉවර වුනා.....ඉතිං ඒ හින්දම ඒක සමරන්න කියලා හිතාගෙන අපි සේරම වගේ අද හවස එලියට ගිහින් හුගක් විනෝද වුනා....එක අතකට අදින් පස්සේ එයාලා හතර දෙනා නිදහස්.... දැන් ඉතිං ඉස්සරහට එන්න තියෙන්නේ මගෙයි මගේ උදේනියගෙයි වාරේ තමා....අනේ මන්දා ඌ කෙසේ වෙතත් මේ මං නම් මොන විදියේ කස්තිරමක් නටයිද කියලා හිතෙනකොටත් මට තනි ඇහැට ඇඬෙන්න එනවා වගේ...

කොච්චර කොහොම අද සතුටින් හිටියා වුනත් ගෙදරට පය තියපු වෙලාවේ ඉදන් මට දැණුනෙ මං තනිවෙලා කියන ඒ කාලකන්නි හැඟීම...මොකද අද නන්දා අම්මත් ගෙදර හිටියේ නෑ.... එයාගේ දුවට ඊයේ පුංචි පුතෙක් ලැබිලලු....ඒ කියන්නේ තව දුරටත් නන්දා අම්මා අම්මා කෙනෙක්ම විතරක් නෙවෙයි... එයා දැන් පුංචි කොලු පැටියෙක්ගෙ ආච්චි අම්මා කෙනෙක්....මොනවා වුනත් මේ වගේ වෙලාවක තමන්ගේ දරුවා ළග නොයිද බැරි කමටම නන්දා අම්මා අකමැත්තෙන් වුනත් සති දෙක තුනකට එයාගේ ගමේ ගිහින් එන්න ඕනේ කියලා තීරණය කරා..ඉතිං මේ අසරණ රෙහාන් ආයෙම වතාවක් මේ පාලු බංගලාව ඇතුළෙ තට්ට තනියම අසරණ වුනේ අන්න ඒ හින්දයි..... ම්ම්.... වෙලාවකට හිතෙනවා මෙච්චර ලොකු ගෙවල් දොරවල් හදන්න වියදම් කරපු සල්ලී කාලයයි අපරාදේ නේද කියලා...මොකද ඉතිං තට්ටු ගනන් උසට මාලිගා හැදුනට වැඩක් තියෙනවද ඒවායෙ ජීවත් වෙන්න කවුරුත් ඇත්තේ නැත්තං.......

දවස තිස්සෙම වෙච්චි කෙරිච්චි දේවල් චිත්‍ර පටියක් වගේ මගේ ඔලුව ඇතුළෙ කැරකෙනකොට නින්ද කියන දේ තිබුනේ මට හත් ගව්වක් ඈතින්......අනේ මන්දා සතුටත් එක්ක මිශ්‍ර වෙච්ච අමුතු දුකකුත් මගේ හිතේ නොතිබුනාම නෙවෙයි.... ඒත් ඒකට හේතුව මොකක්ද කියලා මට තාමත් හරියට වෙන් කරලා අඳුරගන්න පුළුවන් කමක් තිබුනේ නෑ........

නින්ද යන්නේ නැති හින්දම මං තකහනියක්ම නැගිටලා නාන කාමරේ අස්සට රිංගුවේ මූණ කට පොඩ්ඩක් හෝදගෙන එනවා කියලා හිතාගෙන..මොකද සීතල වතුර ගෑවුනාම හරි මට නින්ද යයි කියන මෝඩ සිතුවිල්ල මට එහෙම කරන්න කියලා මගේ ඔලුව අස්සෙන් බල කරලම කිව්වා.......ඒත් නාන කාමරෙන් එලියට ආවත්හරි මට ඇහුනේ ගෙදර ඩෝ බෙල් එක වදින සද්දෙ.... දෙයියනේ මේ මහ පාන්දර මොන බෝදිලිමෙක්ද මේ ගේ අස්සට රිංගන්න හදන්නේ.... බය වෙන්න හේතුවක් නැති වුනත් මේ වෙලාවේ මගේ හිත පොඩ්ඩක් විතර ගැස්සුණා... මොකද දැන් වෙලාව පාන්දර දෙකටත් කිට්ටුයි... ඊටත් හපන් ගේ අස්සේ අද මං ඇරුනම වෙන කවුරුවත් ඇත්තෙත් නෑ.....ඔය සේරටම හරියන්නත් එක්ක අර හොල්මං ෆිල්ම්ස් වල වගේ එලියෙ හෙන ගගහා හොඳටම වහිනවත් එක්ක දෙයියනේ... ඇත්තමයි මට නම් දැන් අර බලපු සේරම යක්ස කතා වල හිටපු අවතාර ටික මගේ ගේ දොරකඩට වෙලා මං එනකං බලාගෙන ඉන්න හැටි නිකං මැවී මැවී පේනවා වගේ සාන්ත....

~හීන~ Where stories live. Discover now