63 වන කොටස

300 28 72
                                    

පුදුම කරුමයක් කියන්නේ මට මල පැනලා නින්ද ගියපු හැම දවසකම වගේ මාව උදේට ඇහැරවන රාජකාරිය කරන්න සිද්ද වුනේ මගේ බලු නැට්ටට....ඇයි ඉතිං හැමදාම මං යකා නැග්ගම බුදිය ගන්නේ ෆෝන් එකේ එලාම් එකවත් හරියට තියන්නේ නැතුවනේ..... ඉතිං කොහොම කොහොම හරි නවෝද්ට පින් සිද්ධ වෙන්න මට අදත් වෙලාවට පැය දෙකකට විතර කලින් නැගිටගන්න පුලුවන් වුනේ අන්න එහෙමයි.......

උදේ දහයට විතර අපිට පේපර් ක්ලාස් එකක් වැටිලා තිබුණු හින්දම අද මටයි නවෝද්ටයි ඉස්කෝලෙ යන්න හම්බ වුනේ නෑ.... දැන් ඉතිං ඉස්සරහට කොහොමත් ඉස්කෝලෙ යන එක ටිකක් අඩු කරන්න සිද්ද වෙයි....මොකද තව මාස දෙක තුනකින් අපිට රිවිශන් ක්ලාසස් එහෙම පටං ගන්නවලු.. හැබැයි ඉතිං ඔය මොන මගුල අස්සේ රිංගුවත් පුතේ සීයට අසූව එහෙම කවර් නැත්තං අපිට එක්සෑම් එක ලියන්න වෙන්නේ පාට ඇඳුම් ඇදගෙන තමයි කියලා පාසලේ විදුහල්පතිතුමා මේ දැනටමත් අපිට රතු නිවේදන නිකුත් කරලා අහවරයි....මොකද වෙන ඉස්කෝල වල කොහොම වුනත් අපේ රෙක්ටර් කාරයා කියපු වචනයක් ආයේ මැරුවත් ආපස්සට ගන්න ජාතියෙ ඩයල් එකක් නොවුනු හින්දම ඒ ලෙවල් සැට් එකට නම් ඉතිං මේ පාර ලොවෙත් නෝ චාන්ස්.....

දවල්ට කාලා දෙක විතර වෙනකොට මාමලත් මෙහෙන් පිටත් වුනා... දැන්ම නැන්දව මහන්සි කරවන්න හොඳ නැති එකේ තව දවසක් දෙකක් මෙහෙ ඉදලා යන්න කියලා මං අපේ රන්දිලුට කොච්චර කිව්වත් මිනිහට එයාගේ වාසභවන නැතුව නින්ද යන්නේ නැති පාටයි....මාමාත් එක්ක වාද කරලා වැඩක් නැති හින්දම එයා ගත්තු තීරණයට මාත් එකඟ වුනා .. හැබැයි යන්න කලින් අපේ රන්දිලු මාව පැත්තකින් වාඩි කරවගෙන තව ආත්ම හතකට ඇති වෙන තරමට මට සාරධර්ම සෙට් එකකුත් කියලා දීලා යන්න අමතක කරේ නෑ...හරිම අගෙයි මගේ මාමාට මං ගැන තියෙන විශ්වාසය නම් ආයේ අදහන්න වටිනවා.......

හවස් වරුවෙත් කරන්න වැඩක් නොතිබුනු හින්දම මං නවෝද්ලගෙ දිහා ගියේ අඩුම තරමේ මට ඌත් එක්ක කෝප්පයක් හරි හෝදන්න පුලුවන් නේද කියලා හිතාගෙන...මොකද මට අර සහස් කියන කටුස්සත් එක්ක ඊයේ රෑ ඉදන් කිසි ඇයිහොදැයියක් තිබුනේ නෑ.....

නවෝද්ලගෙ ගෙදරට පය තිබ්බත් හරි මං දැක්කෙ සාලෙ තිබුණු සෝෆා එකට වෙලා දහ අතේ කල්පනා කර කර හිටපු මගේ ආදරණීය සුකුමාලියව....ඇයි මේ කොල්ලා අද සෑඩ් මූඩ් ගහලා ඉන්නෙ...මං නැති හින්දා මූට තනිකං දෝසෙවත් වැලදිලාද....

~හීන~ Where stories live. Discover now