71 වන කොටස

452 35 59
                                    

" මට ඉකෝන් සබ්ජෙක්ට් එක ගැන බයයි බං......"

" ඒ මොකෝ......"

" අනේ බං මට ඒ කුන්ඩවාලෙ කොච්චර පාඩම් කරත් ඔලුවට යන්නේ නෑනේ....."

" ම්ම්....හවසට සෙට් වෙලා පාඩම් කරමුද එහෙනම්....."

" ෂුවර්ද....."

" ඔව් ඔව්.......දන්නැති දෙයක් තියෙනවනම් මං උඹට කියලා දෙන්නං.... හැබැයි මේ අර බී එස් කියන සක්කිලි සබ්ජෙක්ට් එකනම් මට පාඩම් කරන්න බෑ හරී....."

" ඇයි ඒ.......ඒක ලේසිනෙ බං..."

" ලේසි ඉතිං මං උඹට කියන්නෑ..."

" හරි හරි මං එකේ ෂෝට් නෝට්ස් ටික හදලා උඹට දෙන්නං....කේස් එක ක්ලෝස් නේ........"

" ම්ම්......."

ජීවිතේට අධ්‍යාපනයක් ගැන කතා කරපු නැති මිනිස්සු දෙන්නා අද අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරන කොට හරි පුදුමත් ඇති නේද....නෑ අපි බොහෝ තැන් වලදි අධ්‍යාපනය ගැන කතා කරා.... හැබැයි ඒ එක්සෑම් එකක් අමාරු වෙලා නහුතෙටම කෙල වෙච්ච අවස්ථාවල....මේකත් අන්න ඒ වගේ අවස්ථාවක් තමයි....අද දුන්නු මිඩ් ටර්ම් ටෙස්ට් එක හින්දා මට සත්‍ය අවබෝධ වෙලයි මේ තියෙන්නේ ....ඒකයි මං මගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අද මෙච්චර වද වෙන්න ඕනේ කියන දැඩි තීරණේකට එන්න ආවේ .... හැබැයි වැඩිම වුනොත් ඔය වද විල්ල තව දවස් දෙකක් තිබ්බොත් ඒක ලෝක පුදුමයක්....මොකද එච්චරටම මගේ වදවිල්ලට ලොකු කල් පැවැත්මක් තිබුනෙ නැති තරම්  ....

" නවෝත් මල්ලෙ......"

" අම්මට.....අන්න ෂාන් අයියලා ඇවිල්ලා....."

ඔඩිටෝරියම් එක පිටි පස්සට වෙලා හෙන සීරියස් ටෝක් එකක් දාගෙන හිටපු  අපි දෙන්නට අන්තිමට ෂාන් අයියලවත් එහෙනම්  හම්බ වුනා...යකෝ ඉස්කොලෙන් අවුට් වෙලත් මුන් දෙන්නට ගෙදරට වෙලා ඉන්න බැරි හැටියක්...මන් නම් කවදමහරි මගේ ලීව් එක ගත්තු දවසට ආයෙ ආසාවටවත් මේ පැත්ත පලාතක පස් පාගන්න එන්නෙ නෑ....එන්නේ නෑ කියන්නේ ඉතිං ආයේ මේ රෙහාන් කියලා එකෙක් හිටියද නැද්ද කියලවත් හොයාගන්න බැරි වෙන තැනට මං ඒ වැඩ ටික ගානට සිද්ද කරනවා ....

" සාන් අයියේ.... ඉතිං කොහොමද ඒයී......"

" අම්බෝ මේකාගෙ මූණේ තියෙන හිනාව බලපල්ලකො...උඹලගෙ සහස් අප්පච්චිත් එක්ක තිබිච්ච වලිය දැන් අහවරද මයෙ පුතේ...."

~හීන~ Where stories live. Discover now