108 වන කොටස

249 24 91
                                    

හතර වටෙන්ම ඇහිච්ච රතිඤ්ඤා සද්දෙත් එක්ක මුලු රටටම අවුරුද්ද ලබන කොට මං විතරක්  මගේ ඇද මුල්ලෙ ගුලි වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන හිටියා....ඊටත් හපන් මගේ ඉයර් ෆෝන් එක දිගේ ආපු කසුන් කල්හාරගෙ කටහඬ මාව තව තවත් ඇඩෙව්වා කියලා කිව්වොත් මං හරි......

අවුරුද්දකුත් ලැබුවා අයියේ....ඒත් මට අවුරුදු තිබුනේ නෑ.... උඹ නැති තැන මට මොන අවුරුදුද.....අනේ මං ආසාවෙන් බලාගෙන හිටියා..... උඹ මාව පන්සලකට එක්කගෙන ගිහින් මාත් එක්කම එකතුවෙලා මලක් පහනක් පූජා කරනවා දකින්න මං ආසාවෙන් මග බලාගෙන හිටියා ......උඹ මට පොරොන්දු වුනා අයියේ....ඊළග පාර අලුත් අවුරුද්දට මේ මාවත් එක්කගෙනම උඹ පන්සල් යන්න එනවා කියලා මගේ අත උඹෙ පපුවට තියාගෙනම උඹ එදා මට පොරොන්දු දුන්නා.....

" චූටි බේබි....."

කාමරේ දොර දිහාවෙන් ඇහුනෙ මගේ නන්දා අම්මගෙ කටහඬ..... දැං මේ ටිකකට කලිනුත් අවුරුද්දක් ලබපු තැන ඔහොම කාමර අස්සට වෙලා ඉන්න සිරිතක් තියෙනවද රෙහාන් කියලා තාත්තා ඇවිත් මට කෑගහලා ගියා විතරයි....කන පිරෙන්න බැනුම් අහගන්න එකත් දැන් මගේ එදිනෙදා දින චර්යාවේ එක කොටසක් විදියට වෙනස් වෙලා ගිහින්....රටට නෙවෙයි මුලු ලෝකෙටම අවුරුදු ලැබුවත් මට මොකද දෙයියනේ..මගේ එකා අරෙහෙ ඉදගෙන තනියම විදවනකොට මට පුලුවන්ද තාත්තේ මගේ හිත සතුටින් තනියම මෙහාට වෙලා ඉදගෙන ඔයාලත් එක්ක අවුරුදු සමරන්න......

" චූටි බේබි මං ඇතුලට එන්නද...."

" නන්දා අම්මා යන්නකො....මං පහලට එන්නං ......"

මාව මේ විදියට දැක්කොතිං එහෙම ඒ මනුස්සයගෙ දවසත් අද මූසල වෙලා යනවා ...... ඉතිං ඒ හින්දම මං නන්දා අම්මට ආපහු පහලට යන්න කියලා මගේ වොෂ් රූම් එක අස්සට රිංග ගත්තෙ අඩලා අඩලම රතු වෙලා ගියපු ඇස් දෙක පොඩ්ඩක් හෝදගන්න ඕනෙ කියලා හිතාගෙන........

බස් එහෙක නැගලා  මට එන්න පුලුවන් වුනා නම් එහෙම මං මෙලහකටත් උඹ ඉන්න තැනක් හොයාගෙන උඹ ගාවට ඇවිත් අයියේ.....

ආදරයේ නගරය අයිති වෙච්ච රට......

ඔව් මගෙ සහස් ඉන්නෙ ෆ්‍රාන්ස් වල...මහිම අයියා පොරොන්දු වුනා වගේම වැඩිකල් යන්න කලින් එයා අයියලා ගියපු රට ගැන හොයා ගත්තා.....ඒත් දෙයියනේ මගේ සහස්  එහාට වෙලා ඉදගෙන තනියම විදවනවලු .....එකම එක වතාවක්ද කොහෙද සරසි අම්මා මහිම අයියට කතා කරපු වෙලාවෙදි කියලා තිබුනා... පුලුවන් තරම් ඉක්මනට පොඩීව ලංකාවට ගෙන්නගන්න බලන්න ලොකූ....මේ ලමයා මගේ ඇස් දෙක ඉස්සරහම එයාගෙ ජීවිතේ විනාස කරගන්නවා කියලා.... විශ්වාස කරන්න පුලුවන්ද ඒ වෙලාවෙදි මට දැනිච්ච දේ.....මට අයියව ඒ විදියට දකින්න බෑ දෙයියනේ.....ආයෙම වතාවක් මට බෙහෙත් බොන්න බෑ චූටි ගගා මගේ පපුවට තියලා ඉකි ගහපු මගේ කොල්ලව මට මේ විදියට දකින්න කොහෙත්ම පුලුවන් කමක් ඇත්තේ නෑ.......

~හීන~ Where stories live. Discover now