95 වන කොටස

321 25 29
                                    

මං මට ඉස්සරහින් පේන්න තිබුණු ඒ අල්තාරේ දිහා ඔහේ බලාගෙන හිටියා.....
අත් දෙක එකතු කරගෙන හිටියට මොකද මට තව කියන්න දේවල් ඉතුරු වෙලා තිබුනේ නෑ ....
යන්නෙ කොහාටද දුක කියන්න ඕනේ කාටද කියලා මට හිතාගන්න බැරි වෙච්ච තැන මං ආවේ මොරටු පල්ලියට......

ඇවිලිච්ච පපුවක් නිවන්න පුලුවන් ශක්තියක් තිබුනෙ මං අදහපු දෙයියො ගාව විතරයි කියලා මං විශ්වාස කෙරුවා.... ඉතිං මං ආවා.... එක මිනිස් පුලුටක්වත් නොතිබිච්ච පල්ලිය මැද මං දනගහගෙනම මගේ හිතේ තිබිච්ච වේදනාව වචන වලට පෙරලන්න පටං ගත්තා......

" ලස්සනට ලියවෙන්න තිබිච්ච කතාවක් එක මනුස්සයෙක්ගෙ වැරැද්දක් හින්දා එහෙම් පිටින්ම වගේ කණපිට ගැහිලා ගියා නේද දෙයියනේ.....ලස්සනට ලියවෙන්න තිබිච්ච කතා කීයක් නම් එක වැරැද්දක් හින්දා මේ විදියට විනාස වෙලා යන්න ඇතිද.....මට තව කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා ඇත්තෙ නෑ....මට අද ඔබවහන්සේගෙන් මෙන්න මේක මට ඕනෙයි කියලා තව ඉල්ලන්න දෙයක් අමුතුවෙන් ඉතුරු වෙලා ඇත්තෙත් නෑ..... මට මැරෙන්න බෑ.... ආදරේ කරන එකා දෙන්නා වෙනුවෙන් හරි මං ජීවත් වෙලා ඉන්න ඕනෙ..... ඒත් ඇයි.... හැමදේම ඉවසගෙන ඉන්න එකාටම විතරක් ඔබවහන්සේ තවත් පරික්ෂාවල් එවන්නෙ ඇයි දෙයියනේ....ඇයි මං නිවෙන්න හොයපු තැනම මගේ ඇස් ඉස්සරහා ආපිට අවුලවලා දාන්න හිතුවේ..... ඇයි මං සැනසීමක් හොයාගන්න හදපු තැනම මිහිපිට අපායක් කරලා දාලා නැවතුනේ.....මං ඒ දේවල් ලබන්න සුදුසු නැද්ද අහ්.... එකම එක වතාවකට හරි සතුට කියන දේ ඇත්තටම විදගන්න මං සුදුසු නැද්ද දෙයියනේ......"

එකදිගටම වයිබ්‍රේට් වෙච්ච ෆෝන් එක මං කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම ඕෆ් කරලා පැත්තකට විසික් කරලා දැම්මෙ හිතේ ඇතිවෙච්ච කේන්තිය මට නිවාගන්න ක්‍රමයක් හොයාගන්න බැරි වෙච්ච හින්දයි........

මට මගේ පාඩුවෙ ඉන්න දීපල්ලා....

මගේ ඔලුව අස්සෙන් ඇහිච්ච කටහඬ මට කිව්වෙ එහෙමයි.....

අනේ මාව දාලා යන්න එපා.......

හදවත අස්සෙන් පුංචි කෙදිරිල්ලකුත් ඒ අස්සෙ මට ඇහෙන්න පටං ගන්නවා...

~හීන~ Where stories live. Discover now