138 වන කොටස

472 33 45
                                    

බැලු බැල්මටම හරිම ලස්සන සිත් ඇදගන්නා සුළු වටපිටාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බැලු බැල්මටම හරිම ලස්සන සිත් ඇදගන්නා සුළු වටපිටාවක්....ඒත් ඒ වටපිටාවෙ ලස්සන බලන්න තරම් වත් මගේ හිත දැන් සන්සුන් නෑ මොකද පැයට සැතපුම් එකසීය ගානක වේගයෙන් මගේ හාට් එක දැනටමත් හැල්මේ දුවන්න පටං අරගෙන ඉවරයි....අපේ කාර් එක පල්ලිය වත්තට දැම්මත් හරි අනිත් අයත් අපේ පිටි පස්සෙන්ම පල්ලිය වත්තට ඇතුලු වෙනකොට මාමා මාවත් එක්කගෙනම ඒ පල්ලිය ඉස්සරහින් ගිහින් හිට ගත්තා.... ඉතිං රිතික අයියයි නන්දා අම්මයි පල්ලිය ඇතුලට යන්න යනකොට එතන දොරකඩ ගාව ඉතුරු වුනේ මායි මාමායි තාත්තයි මගේ දෙවෙනි මනමාලයො දෙන්නයි විතරයි ....

වැහිලා තිබිච්ච දොර පියන් ඉස්සරහින් අපි ගිහින් හිට ගත්තත් හරි මං කෙලින්ම අල්ලගත්තෙ මගේ මාමාගේ වැලමිටෙන් වෙනකොට තාමත් මං හිටියේ මේ සිද්ද වෙන  දේවල් ඇත්තටම සිද්ද වෙන දේවල්ද කියලා හිතාගන්න බැරුව ලොකු පටලැවිල්ලක හිර වෙලා ....

" එහෙනම් මං ඇතුලට යන්නං මහේන්......"

" නෑ රන්දිලු ඔහොම ඉන්න...."

ඇතුලට යන්න හදපු මාමාව තාත්තා නවත්තගත්තු හින්දම මං තාත්තා දිහා බලාගෙන හිටියේ ඒ ඇයි කියලා අහන්න වගේ බැල්මකින්....

" මං ඇතුලට වෙලා ඉන්නං......."

" තාත්තේ....."

" මාමාත් එක්ක යන්න රෙහාන්....මගෙන් වෙන්න ඕනෙ හැම යුතුකමක්ම උඹට ඉශ්ට කෙරුවෙ උඹෙ මාමා නං අද මේ රාජකාරිය කරන්න ඕනෙත් උඹෙ මාමාම තමයි.... රන්දිලු උඹට පුලුවන්නෙ මගේ කොල්ලව එක්කගෙන යන්න....."

" අපෝ මට පුලුවන්...."

" එහෙනම් ඉතින් එක්කගෙන යන්න...මං ඇතුලට වෙලා ඉන්නං..."

~හීන~ Where stories live. Discover now