110 වන කොටස

713 60 27
                                    

දවස් නමයක් පුරාවට ලියපු එක්සෑම් එක අදින් ඉවර වුනා....මට තිබිච්ච ලොකුම හිසරදය...මට විතරක් නෙවෙයි අපේ වයසෙ හිටපු හැම එකාටම වගෙ තිබිච්ච ලොකුම හිසරදය අද හවස හතරහමාර වෙනකොට ඉවරයක් වෙලා ගියා......මං කිව්වෙ කොමස් සෙට් එක ගැන විතරයි...ආට් සෙට් එකට තාමත් එක්සෑම් එක තියෙනවා.....

එක්සෑම් එකක් ඉවර වුනාම ඔය ඕනම කෙනෙක් තමුන්ගේ යාලුවොත් එක්ක එලියට ගිහිල්ලා පොඩ්ඩක් එන්ජෝයි කරලා එන එක ඉතිං ලංකාවෙ එක පුරුද්දක්නෙ.... එන්ජෝයි කරන්න තියා අඩුම තරමේ මට මේ කරුම එක්සෑම් එක අද ඉවර වුනා නේද කියන එක ගැනවත් කිසිම සතුටක් දැනෙන්න තිබුනෙ නෑ.... හැබැයි ඉතිං ඒ කොහොම වුනත් මට මගේ කොල්ලො ටිකගෙ හිත රිද්දන්න හිතුනෙ නැති හින්දම මං අද උන් එක්ක කොලඹ සී සී එක පුරාම ඇති පදං ඇවිද්දා....අන්තිමට ගෝල්ෆේසුත් ගිහින් හවසට ඔය පෙට්ටි කඩවල හැදෙන ඉස්සෝ වඩේ එහෙමත් කාලා ස්කූල් යුනිෆෝම් එක පිටින්ම මං ආපිට නවෝද්ලගෙ ගෙදරට එන්න ආවා....මං අද ෂාන් අයියලටත් කතා කරලා කිව්වෙ කොච්චර බිසී වුනත් කමක් නෑ එක විනාඩි පහකට හරි මෙහාට ඇවිත් යන්න කියලා වෙනකොට සේරම වැඩ පැත්තක දාලා උන් දෙන්නත් අද එහාට ඇවිල්ලා තිබුනා.....

" චූටි පුතාලා දෙන්නා දැන් කුරුල්ලො වගේ රස්තියාදු ගහයිනේ....."

ගේ ඇතුලට ගොඩ වුනත් හරි අර බයිසන් ගවයා මාව බෙල්ල මුලින්ම තද කරලා අල්ල ගත්තා....

" අයියේ බෙල්ල .... බෙල්ල ගැලවෙයි  මනුස්සයෝ...."

" ඇයි උඹ හිතුවෙ මං මහසෝනා කියලද අහ්....."

" මහසෝනා නෙවෙයි උඹ ඩ්‍රැකියුලා.....පල යන්න අහකට......"

" ශෙහාන්.....ශෙහාන්....  කෝ ඕයී තමුසෙ මැරිලද අහ්....."

සුභ මොහොතින් අදත් පටං ගත්තා දෙන්නත් එක්ක කා ගන්න....වැඩක් නෑ මුන් දෙන්නට කියන කට හොදයි මං ගිහින් වෙන කොයිහරි අතුල්ල ගන්නවා.....

" ලොකූ......"

" ඇයි ඕයී තමුසෙ ගෙදර ආවේ....මං මෙච්චර වෙලාම කනක් ඇහිලා සැනසීමෙන් හිටියා...අහ් ලක්ෂාන්...මොකෝ වෙන්නේ ඉතිං....."

" ප්‍රස්නයක් නෑ අයියේ අපි හොදින් ඉන්නවා......"

" රෙහාන්......"

~හීන~ Where stories live. Discover now