114 වන කොටස

289 27 27
                                    

පැය පහක ෆ්ලයිට් එකකින් පස්සෙ මං ආයෙම වතාවක් මං ඉපදිච්ච රටට එහෙනම් අද අඩිය තිබ්බා......ඒ අස්සෙ අර යුද්දෙ ඉවර කරලා ප්ලේන් එකෙන් බිමට බැහැපු අප්පච්චි කාරයා පොලොව ඉම්බා හා සමානව මේ මටත් මගේ මව් රටට ගොඩ වෙච්ච සන්තෝසෙට පොලොව සිපාචාර කරන්න නොහිතුනාම නෙවෙයි...ඒත් මං මාවම දමනය කරගත්තා...මොකද මට හෙට ටික් ටොක් එකේ දේශප්‍රේමී ලේබල් එක ගහගන්න එච්චර පුකේ අමාරුවක් තිබුණෙ නෑ......

" සර් .....සර්ගෙ බෑග්ස් ටික....."

එයාර්පෝට් එකෙන් එලියට ආපු මම අවට සිරි නරඹනකොට හැම වතාවෙදිම වගේ අදත් තිවංකයා ඇවිල්ලා මගේ ආතල් එක කුඩුපට්ටම් කරලා දැම්මා කියලා කිව්වොත් මං හරි....

" ඒ මන්දා බං උඹත්....."

" ඇයි සර්...."

" යකෝ මං මේ අවුරුදු ගානකට පස්සෙ ලංකාවට අඩිය තිබ්බා විතරයි ...... මට සැනසීමෙ එක හුස්ම පොදක් හරි ගන්න දීහංකො බං....."

" හරි සර් එහෙනම් නිවී හැනහිල්ලේ එක හුස්ම පොදක් අරගන්නකො....මං මේ බෑග්ස් ටික අපේ වාහනේ ඇතුලෙන් දාගන්නං....."

" අන්න එහෙම ඉදපං...."

" මේ ඒක නෙවෙයි සර් ...."

" ඒ පාර මොකද ඕයි..."

" සර් අපිත් එක්කම හොටෙල් එකට යන්න එනවද නැත්තං...."

" නෑ මං මෙහෙම්මම බොරැල්ල කනත්ත ගාවට ගිහිං එන්න කියලා බැලුවෙ..."

" ඇයි ඒ සර්....."

" මගෙ පරණ කෑල්ල එනවා කියලා කිව්වනෙ බං මාව මීට් වෙන්න....."

" අහ් එහෙනම් මං එන එක එච්චර හරි නෑ නේද සර්....."

" තිවංක උඹ දැන් මගෙන් ගුටි කනවා හරි........."

" හරි සර්....."

" මොනවද යකෝ හරි..."

" නෑ නෑ සර් වැරදි....."

" දැන් මන්ද මිනිහො වැරදි...."

" නෑ..නෑ...සර් හරි....මං වැරදි....."

" පලයං යන්න මෙතනින් මගේ දෑහට නොපෙනි ..."

" සොරි සර්...."

මගෙන් අම්බානෙකට කුණු බැනුම් අහගත්තු තිවංකයා එතනින් යන්න යනකොට මං හොද හුස්මක් පිට කරලා ආයෙම වතාවක් මගේ ෆෝන් එක අතට අරගෙන ඒක ඔබන්න පටං ගත්තා......මේකෙ හැටියට වෙලාව තාම හවස පහයි.....අනෙ අම්මපා ඇත්තමයි මට මේ වෙලාවට තමයි මේ ලබ්බත් පොළොවෙ ගහන්න හිතෙන්නෙ....

~හීන~ Where stories live. Discover now