47 වන කොටස

292 28 7
                                    

" එහෙනම් මං ගිහින් එන්නම් පුතේ....ආයේ ඉතිං ඊළග අවුරුද්ද වෙනකං මට මේ පැත්තෙ එවෙන එකක් නැති වෙයි....."

" අනේ එතකොට........"

තව මාස තුනක් යනකං මාමා කොළඹ එවෙන්නෙ නෑ කියලා කිව්වම නම් මට ඇත්තටම හුඟක් දුක හිතුනා.....

" අහ් හා.. නහයෙන් අඩන්නැතුව හිටපං බං.......මං නැන්දත් එක්ක කොළඹ ඇවිල්ලා යන්න එන්නංකෝ....."

" අන්න එහෙම ඉන්නකො රන්දිලු.....අර වගේ එව්වා කිව්වම මට දුක හිතෙනවනේ ඒයී......."

මං අත් දේකේ ඇගිලි දෙකත් එකට මූට්ටු කරගෙන මාමා ඉස්සරහා පොඩි එකා වෙනකොට මං බලාගෙන සහස් මං දිහා බලලා හිනා වෙච්ච විදිය..... කවුද කියන්නේ මායම් හැට හතරක් තියෙන්නේ කෙල්ලොන්ට විතරයි කියලා......මායම් නම් ඉතිං මේ මාත් දාන්නංකො ආයේ පැත්තම හැදි ගෑවිලා යන්න...

" මෙතන හුරතල් නොවී ඉදපං රෙහාන්...."

" මං ඔයත් එක්ක හුරතල් වෙන්නැතුව වෙන කාත් එක්ක හුරතල් වෙන්නද අනේ........."

" උඹට නම් තියෙන්නෙම අපේ අක්කගෙ ගති ගුණ....."

මාමා හිනාවෙවී ඒ කතාව කිව්වට මොකද ටික වෙලාවකින් එයාම ඒ මාතෘකාව වෙනස් කරලා දැම්මා...

" එහෙනම් මං ගිහින් එන්නම් කොල්ලො....තව වෙලා හිටියොතින් එහෙම මට බස් එකත් මිස් වෙනවා....."

" බස් එක මිස් වුනාට කමක් නෑ ඒයී....අපේ සහස් පුතා ඔයාව ගිහින් ඇරලවයි...නැද්ද සහස්......."

මං එහෙම සහස්ගෙන් අහනකොට එයා දැනෙන නොදැනෙන ගානට අපේ මාමා දිහා බලාගෙන හිනා වුනා....

"මෙන්න මෙහෙ විකාර නොකර හිටපං රෙහාන්..... මං ගිහින් එන්නම් පුතේ...."

ඊළග පාර නම් මං ගිහින් එන්නම් පුතේ කියලා අපේ රන්දිලු කිව්වේ මේ මටවත් මගේ හංසයටවත් එහෙම නෙවෙයි......අර ලගදි හම්බ වෙච්ච ගොටු දෙකට තමයි මාමා මේ පාර හරි ආදරෙන් ගිහින් එන්නම් පුතේ කියලා ආමන්ත්‍රණය කරේ...

" පරිස්සමින් ගිහින් එන්න මාමේ....නැන්දවත් මතක් කරා කියන්න...."

අද හෙටම මේ මහිමයා මගේ පුතා පට්ටමටත් කෙළලා අරී වගේ.....ඇයි වදේ මෙතන මං කියන්න ඕන දෙබස් ටික මූ කිව්වම ආයේ මං කියන්නෙ මුගේ අහවල් එක ගැනද......

~හීන~ Where stories live. Discover now