130 වන කොටස

431 32 30
                                    

රේඩියෝ එක අස්සෙන් ඇහිච්ච වචන වලට අයියත් එයාගෙම කියලා තාලයක් එකතු කරන්න පටං ගන්නකොට මං සද්ද නැතුව අයියගෙ මූණ දිහා බලාගෙන ඔහේ භාවනා කරන්න පටං ගත්තා....එයා ඒ සිංදුව හරි හෙමිහිට මුමුණන ගමන් හිටියෙ..ඒත් එක්කම වගේ සහස් කෙරුවෙ මගේ අත අරගෙන ඒක එයාගේ මූණ උඩින් තියාගත්තු එක ......

මුළු ලොව මත්තේ....
මගෙ යැයි කිව හැකි....
ඔබ පමණයි ඇත්තේ...
හෝ....ඔබ මා ළඟනම්....
ජීවිතයට වෙන කිසිවක් හිඟ නැත්තේ......

ඒ ඇස් වල ලියවිලා තිබිච්ච ආදරේ  මට මෙච්චරයි කියලා විස්තර කරගන්න තේරෙන්නේ නෑ දෙයියනේ ...මොකද මං මෙච්චරක් උඹට ආදරෙයි රෙහාන් කියලා කිරලා මනින්න පුලුවන් විදියේ ආදරයක් නෙවෙයි මගේ අයියා ගාව මේ මං වෙනුවෙන් වෙන් වෙලා තිබුනේ....කොටින්ම ඒ ආදරේට ලිමිට් එකක් තිබුනේ නැති තරම්.....

ඉර සඳ වැඳලා....
නෙත් දෙක ඇරලා....
අත ඔබේ නළලේ තියා...
හදවත සපුරා....
පවසමි ඉඳුරා.....
මම ආදරෙයි කියා...

මගෙ සිත සැනසී....
සැක බිය වැනසී.....
ගණඳුර පහව ගියා...
මම ඔබ අඳුනා.....
පිළිගමි ඉඳුරා......
මට ආදරෙයි කියා...

මගේ සහස්ට අයිති වෙලා තිබුනෙම බලං ඉන්න බලං ඉන්න හරි ආස හිතෙන විදියෙ රූපයක්..... ඔව්.... ලා කහ පාට හම අව්වට දිලිසෙන කොට බලාගෙන හිටපු මට අයියව පේන්න පටං ගත්තේ තෙල් සායම් චිත්‍රෙකින් එලියට ආපු මනඃකල්පිත මනුස්සයෙක් ගානට.......

" චූටි....."

සහස්ගෙ ඒ වචනත් එක්කම රෙහාන්ගෙ විනාඩි ගානක තපස එක තත්පරේකින් බිදිලා ගියා කියලා කිව්වොත් මං හරී .......

" කියන්න අයියේ...."

" මං බැලුවේ අප්පච්චි වෙනුවෙන් මහලු මඩමකට දානයක් දෙන්න කියලා...."

" අනේ ඒක කොච්චර ලොකු දෙයක්ද අයියේ....අපි මහිම අයියටත් එන්න කියලා කියමු..."

" අයියනං ඉතිං අනේ මන්දා බං...."

" හරි හරි අපි කක්කුට්ටටත් කියලා බලමුකො..."

" ම්ම්...."

" ඔෆිස් එකට තව දුරයිද අයියේ....."

" නෑ මේ ළග තියෙන්නෙ....."

~හීන~ Where stories live. Discover now