134 වන කොටස

515 32 43
                                    

" බබා දැන් ඇති හොදේ....."

" Who are you.....Ah ...who are you to stop me ......? "

" පොඩී දැන් ඇති ළමයො......යකෝ මේක මහ පුදුම බේබදු කමක් වුනානෙ බං....."

" දැක්කා නේද තාත්තා.....හුරතලේ කිය කිය උඩ දාගෙන හදපු පොඩි පුතාගේ තරම...... අම්මපා කියන්නෙ මං මූට වඩා හොදයි...."

" ෂෙහා....න්.... සංජන.... ඩි සිල්වා.... තවුසේ....මගෙන් ....ගුටි කනවා.....හොදේ......I will kill you...... bastard......."

" මහිම පුතේ.....ඔන්න ඔය ග්ලාස් එක මුගෙ අතින් අහකට කරපං බං....පස්සෙ මේකා ඇදගෙන වැටුනොතිං එහෙම මෙතන තව මගුලක්....."

" Dada .... You know what....I'm so happy.....ආයේ නෑ මට ෆට්ට සතුටුයි.......just enjoy dada....mom.....just enjoy.....give me....give me your glass mom......it's party time......."

දෙක තුනක් වැදුනට පස්සේ තමුන්ගේ මව් භාෂාව අමතක වෙලා සුද්දගෙ භාෂාවෙන් සීන් එකට එන්ටර් වුනේ නැත්තං එහෙම ඒ ගහපු ගැහිල්ලෙන් ඇති වැඩකුත් නැති වෙලා යනවා...අනේ එහෙම බැලුවොතිං එහෙම දැන් මේ ටිකකට කලින් බීපු විස්කි වීදුරු තුන හතරට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන මගේ හොදම යාලුවා ගැන මට ඇති වුනේ වචනයෙන් විස්තර කරගන්න නොතේරෙන මහ විසාල පරිමාණයේ ආඩම්බරයක්...බෙස්ට් මන්ට ඇදගෙන හිටපු සපත්තු කෝට් කැලේ....මිනිහගෙ අතින් බෝතලේ අරගන්න මහිම අයියයි ශෙහාන් අයියයි කන කට්ට දැකලම මටයි අයියටයි මෙතන හුස්මක් කටක් ගන්න බැරි වෙන තරමටම හිනා වෙලා පණ ගිහිල්ලයි තිබුනේ........

සීතල දෙසැම්බරයේ නත්තල උදා වෙන්න හරියටම තව දවස් තුනක් තියලා අද මංගල දිවියට එලබිච්ච අපේ දුටු ගැමුණු එළාර කපල් එක පැත්තක ඉදගෙන උන් දෙන්නගෙ සතුට සමරනකොට නවෝද් මෙතන වෙනමම විදියේ ආතල් එකක් දෙන්න පටං අරගෙන තිබුනා....මිනිහට අද වැඩී.....ඒක තේරිච්ච හින්දමද මන්දා මහිම අයියා මෙච්චර වෙලාම උගෙ අතේ තිබිච්ච විස්කි වීදුරුවත් අන්තිමට මගේ දිහාවට දික් කරලා නවෝද්ව උගෙ ඇගට වත්තං කරගත්තා.......

" අයියේ.. මට....පියාඹන කොස්සක් ගෙනල්ලා දෙනවකො.....හලෝ....."

ඔන්න ආයෙමත් අර පියාඹන කොසු ජෝගිය පටං ගත්තා.....

" බබාට ඕනෙ හැරි පොටර්ගෙ කොස්සද අහ්......"

" ඕ......"

~හීන~ Where stories live. Discover now