සතිය ගෙවිලා ගියපු ඉක්මන ගැන නං කතා කරලා වැඩක් නෑ....මොකද සැප්තැම්බර් මාසෙ අන්තිම සතියෙ හිටපු අපිට නොවැම්බර් මාසේ මුල් සතිය ගෙවිලා යනකනුත් ඒ ගැන ලොකු නිච්චියක් තිබුනේ නෑ.....මං හිටියෙ කුස්සියට වෙලා අපේ නන්දා අම්මත් එක්ක එලෝලු කපන ගමන්.....
" කෝ...කෝ...චූටි බේබි දැන් යන්නකො...මට පුලුවන් ඔය ටික කපාගන්න....."
" අවුලක් නෑ නන්දා අම්මේ මං මේ ටික කපන්නං......"
" ඔය බලාගෙන ළමයො....අත කැපෙයි......"
" පිස්සුද ඒයී.....මං එච්චර කෙයාර්ලස් නෑ......"
" හිච්චි පුතේ....... මේ දොරවලුත් හාස් කට්ටට ඇරලා දාලා උඹ මොනවද බං ඔය ඇතුලට වෙලා කරන්නේ....."
ඔන්න....ඔන්න හිච්චි පුතාගේ මාමණ්ඩියා අද කොලඹ ඇවිල්ලා....
" ඉන්න මාමේ එනවා......"
මං එහෙම්මම එතන කප කප හිටපු ලූණු ටික පැත්තකින් තියලා ගෙදර සාලෙ දිහාවට දිව්වෙ මාමාවයි නැන්දවයි පිලිගන්න ඕනෙ කියලා හිතාගෙන...මොකද අද රෑ මෙහෙ තියෙන ඩිනර් එකට මං තමයි එයාලා දෙන්නටත් අද මෙහාට එන්න කියලා ඊයේ රෑ ඉන්වයිට් කෙරුවෙ....
" රෙහාන්....ඇයි පුතේ මේ අඩන්නෙ....තාත්තා බැන්නද අහ්....."
මෙච්චර වෙලාම මෙතන දත් තිස් දෙකම පෙන්නගෙන නැන්දත් එක්ක හිනා වෙවී හිටපු මාමා මාව දැක්කා විතරයි මං අඩනවා කියලා හිතාගෙන ඊලග පාර එතන දහ අට සන්නිය නටන්න පටං ගත්තා.....
" පිස්සුද මාමේ මං මේ ලූණු කප කප හිටියේ...අයියෝ ඇස් දෙක දනවා අප්පා ....."
" අහ් ඒක මිසක්....යකෝ බය කරන්න එපා චූටි පුතේ...."
" නට් ලූස්ද අහ්.....ඔන්න ඔයා ඔතනින් වාඩි වෙන්න නැන්දෙ......"
" චූටි බේබි මේ කෝල් එකක් එනවා....."
" ඉන්න නන්දා අම්මේ මං එන්නං......"
අද මුලු ගෙදරම නිකං පිස්සිගේ පලාමල්ල වගේ හොදටම ඇවිස්සිලයි තිබුනෙ.... නන්දා අම්මා නොහිටින්න සත්තයි මට මේ වැඩ ටික අද පිලිවෙලකට ඉවරයක් කරලා දාගන්න බැරුව මෙතන පිස්සු තද වෙලා තමයි ආයේ නතර වෙන්නෙ.......
YOU ARE READING
~හීන~
Romance" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."