33 වන කොටස

461 41 5
                                    

එක දවසක් ඇතුලත මගේ මුලු ජීවිතේම වගේ කනපිට ගැහුනා කිව්වොත් මං හරී.......... කොටින්ම මං මේ වගේ දෙයක් නම් හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නෑ අම්මේ....

එතකොට........ එතකොට ඒ වෙච්ච හැම දේකටම වග කියන්න ඕනේ එයාද......ඇයි තාත්තට එදා මගේ අම්මා ලගින් ඉන්න බැරි වුනේ....... එහෙම වුනා නම් අද මගේ අම්මත් මේ මාත් එක්කම එකට ජීවත් වෙන්න ඉඩ තිබුණා නේද දෙයියනේ........

මෙච්චර අවුරුදු ගානක් පුරාවටම රහසක් විදියට තිබිච්ච ඒ අතීත කතාව මාගේ මාමාගේ වචන වලින් එලියට පිට වෙනකොට අපි හැමෝගෙම මූණු වල දකින්න තිබුනේ ලොකු හිස් බවක්.......

" අම්මට හුඟක් රිදෙන්න ඇති නේද මාමේ........."

" පුතේ....."

" එයා හුඟක් අඬන්න ඇති මාමේ......එයා......එයා උදව් ඉල්ලලා කෑ ගහන්න ඇති මාමේ...."

" අනේ මගේ පුතේ...මට සමාවෙයන් රත්තරනේ....... මට වත් උඹෙ තාත්තටවත් එදා උඹෙ අම්මව බේරගන්න බැරි වුනා රෙහාන්....."

මං දැනෙන නොදැනෙන ගානට හිනා වෙන ගමන්ම එතනින් නැගිටලා යන්න තීරණය කරා...ඒත් ඊට කලින් නවෝද් මගේ අතින් ඇදලා මාව නවත්ත ගත්තා...

" රෙහාන්......"

" මට ප්‍රශ්නයක් නෑ නවෝද්..."

" බොරු කියන්න එපා.... උඹ ඔය විදියට මුකුත් නොකර ඉන්නවා කියන්නෙම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක රෙහාන්....."

" මං කිව්වනෙ බං මං හොදින්...මං......මං හොදටම හොදින්......"

" මං තමුසෙව හොඳට අඳුරනවා රෙහාන්.... අද උඹ මෙතන තියෙන හැම බඩුවක්ම පොළොවෙ ගැහුවනම් හරි එලි වෙනකම් මෙතන බිම පෙරලිගෙන ඇඩුවනම් හරි මං පුදුම වෙන්නේ නෑ බං... එහෙනම් මං බය නැතුව උඹට තනියම ඉන්න දීලා මෙහෙන් යනවා.... ඒත් දැන් බෑ....උඹ ඔය විදියට සන්සුන්ව ඉන්නවා කියලා කියන්නෙම උඹ ඉන්නේ හොදින් නෙවෙයි කියන එක........"

මට හිනා ගියා.... මේ යකා මං ගැන දන්න තරම ඕනාවට වඩා වැඩී..... නවෝද් කියපු කතාව සීයට සීයක්ම හරි...මේ වෙලාවේ මට කෑ ගහලා අඬන්නවත් කේන්තිය පිට කරගන්නවත් කිසිම උවමනාවක් තිබුනේ නෑ......මට ඕන වුනේ හැමෝගෙන්ම ටිකක් ඈත් වෙලා යන්න....... කොටින්ම මට ඕන වුනේ කිසිම කෙනෙක්ගෙ හෙවනැල්ලක් වත් වැටෙන්නේ නැති තැනකට ගිහින් මේ හැම දෙයක් ගැනම මුල ඉදලා කල්පනා කරන්න.....

~හීන~ Where stories live. Discover now