මේ ගෙදර අයිතිකාරයා මම වුනාට මොකද මාව බල්ලා මාක් එකටම වැටෙනකොට සහස් මහිම එක්ක එලියට ගියේ අර එනවයි කියපු අමුත්තව එක්කගෙන එන්න.........අනේ මන්දා ඒ පාර මුන් දෙන්නා මොන මරාලයක් උස්සගෙන ඇවිත් මේ ගේ මැද්දට අත අරීද දන්නේ නෑ.....
" මේ නවෝද්....."
" ම්ම්....."
" ඕක පොඩ්ඩක් පැත්තකින් තියහංකො බං...."
" ඕ කියපං...."
" සිරාවටම ඔය එනවයි කියන ඩයල් එක ගැන උඹ දන්නෙ නැද්ද බං....."
මං ඒ ප්‍රශ්නෙ හැට නව වෙනි වතාවටත් අපේ නවෝද් ගෙන් ඇහුවම ඌ අර ශිවන්ගි නංගි වගේ මට මෙතන පුප්පන්න පටං ගත්තා....
" මේක හොඳ......ට අහගනින් වස්තුවේ..... රෙහාන් ආකර්ෂ ෆර්නැන්ඩො......මගේ අතිජාත මිත්‍රයා....... මගේ වම් වකුගඩ්ඩ.... ඔය එනවයි කියන වහන්තරාව මොකාද කියන එක ගැන මං දන්නේ නෑ බොක්ක... ඒ වගේම තමයි අර මගේ මිනිහා කියලා තුන් වේලටම පින් බත් ගිලින සෝමාලියන් වෙල් කබරයෙක් ඉන්නවනේ...අන්න උගෙන් මං ඔය ප්‍රශ්නෙම ඇහුවම ඌ මට දුන්නෙත් ආවම බලාගනිං කියන උත්තරේම තමයි.... දැන් එතකොට තොට හම්බවෙච්ච උත්තරෙත් ඒක නම් ආයේ අහවල් රෙද්දකටද මගෙන් ඔය ගැන සිය පාරක් විතර අහ අහා මට මෙතන පපුවෙ අමාරුව හදවන්න හදන්නේ අහ්....."
" මං අද කිව්වා කියලා මතක තියාගනිං හොදේ....."
" මොකක්ද ......
" ඕක බදින්න වෙන්නේ නෑ....."
" පලයං ගල් මූසලයා යන්න...මට බදින්න හම්බුන්නැත්තං තොට බදින්න දෙන්නෙත් නෑ....."
" ඇයි උඹ මොනවා කරන්නද....."
" කරන දේ මං ඒ වෙලාවට කරන්නංකෝ...."
" නෑ ඉතිං දැන්ම කියපං.... කොහොමත් එකයිනේ......"
"ඔන්න එහෙනම් හොඳට අහගනින් ඈ.... මංගල්‍යය සාලාවේ සේරම වැඩ ටික ඉවරයක් කරලා උඹේ අතට මගුල් මුද්ද දාන කොටම මං එතනට මගේ බඩු ටික බස්සනවා......"
" බඩු ටික කිව්වේ...."
" අපේ ගර්ල්ස් ස්කූල් වල කෙල්ලෝ ටික..."
" හරි උන් ටිකව බස්සලා...."
" බැස්සුවට පස්සේ තමයි නාට්ටියේ හොඳම හරිය පටං ගන්නේ......"
YOU ARE READING
~හීන~
Romance" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."