11 වන කොටස

881 63 137
                                    

මං බලාගෙන හිටියේ ඈතින් පේන ඒ මුහුද දිහා .....ඇත්තටම මේ මහ මුහුද ඔය කියන තරම්ම ලස්සනද...... උඩට පේනවට වඩා දෙයක් ඔය මුහුදු පතුල යට හැංගිලා තියෙන්න පුළුවන් නේද..... අපේ ජීවිතෙත් නිකං හරියට මේ මහ මුහුද වගේ.... අපි හැම වෙලාවකම අනිත් අයට පෙන්නන්න උත්සාහ කරන්නේ අපේ ජීවිතේ තියෙන ලස්සනම දේවල් සහ සුන්දරම මතකයන් විතරයි.....හරියට මේ හැම විනාඩියකම වෙරලට රහස් කියන කිරි සුදු පාට මුහුදු රැලි වගේ.... ඒත් ඒ හිනාව අස්සේ හැංගිච්ච කදුලු කතාව අඳුරන්නේ අපේ යටිහිත විතරක්ම වෙන්න පුළුවන්...හරියට එදා ටයිටැනික් නැව බාරව හිටපු කපිතාන්වරයා ඒ අයිස් පරය නොදැක්කා වගේ.........ඇත්තටම එදා ඒ කපිතාන්වරයා ඒ අයිස් පරය ගැන දැනගෙන නැව හැරෙව්වා නම් මේ විදියට ලෝකයට කියන්න ලස්සන ප්‍රේම කතාවක් අද ඉතුරු වෙයිද...... මේ ලෝකේ කොච්චර නම් ආදරණීය ප්‍රේම කතා තිබුනත් මං ආසම ජැක්ටයි රෝස්ටයි... මොකද ඒ ආදර කතාව ඇතුලෙ අපිට ඉගෙන ගන්න දේවල් හුගාක් තිබුනා....

රෝස් ට ඕන වුනේ මැරෙන්න......ඒත් ජැක්ට ඕන වුනේ ජීවත් වෙන්න... මැරෙන්න හදපු රෝස්ව ජැක් බේරගත්තා..... ඒ විතරක්ද මැරෙනවට වඩා ජීවිතය විදින්න පුලුවන් ක්‍රම ගැන ජැක් රෝස්ට කියලා දුන්නා..... සල්ලි ආකරයක ජීවත් වෙච්ච රෝස්ට වඩා එදා වේල වෙනුවෙන් ඔට්ටු දාපු ජැක් තමන්ට ලැබුනු ජීවිතය මහා පරිමාණෙන් උපරිම විදියට විදින්න ඇති...... සමහරු නම් කියයි ඒ ආදර කතාවත් අනිත් ආදර කතා වගේම ඉවර වුනා නේද කියලා...... ඒත් මං හිතන විදියට නම් ඒ කතාව ඉවර වුනේ ඒකට දෙන්න පුලුවන් සුදුසුම සහ ලස්සනම අවසානය ලබා දීලා ....... ජැක් ඩෝසන් කියන පුංචි මනුස්සයට ඉහල පැලැන්තියේ සමාජය එක්ක මුහු වෙන්න පුලුවන් විදියේ අවස්තාවක් හිමි වුනත් ඒ ජීවිතය තනිකරම බොරු මවා පෑමක් විතරයි කියන්න එයා තේරුම් ගත්තා..... ඒ විතරක් නෙවෙයි සැබෑ සතුට තිබුනේ මහ උජාරුවට පම්පෝරි ගහපු කෑම මේසෙකට වඩා තියෙන දේ බෙද‍ා හදාගෙන කාපු බීපු නිර්ධන පන්තියේ කෑම මේසෙක වෙනකොට ජැක්ට පුලුවන් වුනා ධනපති පන්තිය නොදැකපු ඒ ලස්සන සරල ජීවිතය පැය ගානකට හරි රෝස් වෙනුවෙන් අයිති කරලා දෙන්න.......

ඉතිං ඒක නෙවෙයි ද ජැක්ට රෝස් වෙනුවෙන් දෙන්න පුලුවන් වෙච්ච ලස්සනම තෑග්ග.... එදා ඒ ලබපු සතුට මැරෙන තුරාවටම රෝස් එක්ක හරි පරිස්සමට ආරක්ෂා වෙලා තියෙන්න ඇති...........අවසාන වතාවට මහ මුහුදු පතුලේ නැව ගිලෙන කොට පවා රෝස් හොයාගෙන ගියේ තමන්ගේ ආදරය වෙච්චි ඒ චිත්‍ර අදින කොල්ලව......මැරෙන මොහොතේ පවා ජැක්ට ඕන වුනේ තමන් එදා පරිස්සමට බේර ගත්තු රෝස්ගේ ජීවිතය බේර ගන්න වෙනකොට දෙපාරක් නොහිතම එයා රෝස් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අත ඇරියා...........ඒ අවසාන මොහොතෙදිත් ජැක් තමන්ගේ පෙම්වතිය ගෙන් ඉල්ලුවේ එකම එක දෙයක් විතරයි.... ඒ මේ අද කාලේ තියෙන ගොබ්බ ආදර කතා වල වගේ මගෙන් පස්සේ කාටවත් ආදරය කරන්න එපා......මට තරම් ඔයාට කාටවත්ම ආදරය කරන්න බෑ වගේ හරි මාන්දමික ළදරු පන්තියේ ඉල්ලීමක් නෙවෙයි..... එයා ඉල්ලුවෙ එක දෙයයි....ඒ රෝස් සතුටින් ජීවත් වෙන්න ඕනේ කියන එක...... තමන්ගේ ආදරය බෙදාගන්න පුලුවන් සහකාරයෙක් එක්ක එයා තමන්ගේ ආදරය හරි ලස්සනට බෙදා ගන්න ඕනේ කියන එක...... ඒ විතරක්ද පුංචි පුංචි පැටව් ගොඩාක් එක්ක රෝස් තමන්ගේ ජීවිතේ ලස්සනම කාලේ හරි ආදරණීය විදියට ගෙවන්න ඕනේ කියන එක... අවසානයට සුව පහසු ඇඳක් උඩ හරි සැහැල්ලුවෙන් සතුටින් තමන්ගේ අවසන් හුස්ම පොද ලෝකෙට නිදහස් කරන්න ඕනේ කියන එක...... ඒ ඉල්ලීම් ඇතුලේ තිබුනෙම තවත් එක ආදර කතාවක නොමියුනු අවෂේශයන් නෙවෙයිද... සමහර විට ඒ හැම හීනයක්ම ජැක්ට දකින්න ඕන වෙච්ච හීන වෙන්න ඇති..... ඉතිං ඒ හින්දා තමන් නැති වුනත් ඒ හීන රෝස්ට හැබෑ කරගන්න පුලුවන් බව දැන දැනම ජැක් තමන්ගේ ජීවිතය එදා අත අරින්න තීරණය කරා... ජැක් කියපු විදියටම රෝස් ජීවත් වුනා.....කසාද බැන්දා....ලමයි හැදුවා... ඒ ලමයි උස් මහත් වෙන දිහා බලාගෙන හිටියා... හැබැයි ඒ හැම සිදුවීමකම මුල් පුරුක වුනේ ජැක් ඩෝසන් වෙච්ච ඇයගේ පලමු ආදරය.... ඒත් ඔය කිසිම තැනක රෝස් තමන්ගේ සැමියටවත් දරුවන්ටවත් එයාගේ අතින් කිසිම විදියක අඩුපාඩුවක් වෙන්න ඉඩ දුන්නේ නෑ..... ජැක්ට දීපු ආදරය ඒ විදියටම තමන් එක්ක අමරණීය වෙනකොට එයා එයාගේ ජීවිතය ආයෙත් අලුතින් ලියන්න පටං ගත්තා.... කතාවේ අවසානෙට රෝස්ගේ දරු මුණුපුරන් එයාගෙන් අහනවා අපේ සීයා ඔය කියන ජැක් ගැන දැන ගෙන හිටියද කියලා...... හැබැයි රෝස් ගෙන් ඒකට ලැබුනේ වෙනස්ම විදියේ උත්තරයක්...එයා හිනා වුනා..... ඒ හිනා වෙලා එයා කිව්වෙ මෙච්චරයි....

~හීන~ Where stories live. Discover now