නවෝද්ලගෙ වත්තට ශෙවෝන් බයික් එක හරවනවත් එක්කම වගේ මං දැක්කෙ ටිකක් කලබලෙන් වගේ ගෙදර දොරෙන් එලියට ආපු මගේ සහස්ව..... එයා හිටියේ තරමක් බය වෙලා වගේ......
" චූටි......"
සහස් කියපු දේ මට ඇහුනෙ නැති වුනාට මොකද අයියගේ තොල් හෙලවෙච්ච විදියෙන් ඒ වෙලාවේ එයාගේ කටින් පිට වෙච්ච වචනෙ මට වෙන් කරලා අදුරගන්න හොදට පුලුවන් වුනා.....
" කොහෙද බං ගිහින් හිටියේ......."
" අපි මේ පොඩී බෑවක් ගිහින් ආවා අයියේ...."
මේ යකාට මොන්ගල්ද මන්දන්නෑ.... දන්න සිංහලක් නැත්තං අඩුම තරමේ මූ මූට පුරුදු භාසාවෙන් හරි කතා කරන්න දැනගන්න එපැයි රෙද්ද.....මෙතන නැති සිංහලක් මවලා මේ යකා තව මොන මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කියලා කියන්න හරියට දෙයියොවත් දන්නෙ නැතුව ඇති....
" බෑවක් නෙවෙයි යකෝ බෑරක්......"
" හරි ඉතිං සිංහල අමාරුයි කියලා දන්නවනෙ....."
" එහෙනම් ඉතින් ලබ්බකටද දන්නැති රෙද්දවල් කියවන්නෙ..."
" ඉතිං බං හැමදිස්සෙම කඩ්ඩෙන් ටෝක් කරන්න කියලද ඕයී කියන්නේ...."
" දන්නැති රෙද්දවල් කියවන්න එපා කියලා මං කියන්නේ...."
" එක අකුරක් එහාට මෙහාට වුනා කියලා ඇයි දැන් උඹ මෙතන දහ අට.....දහ....අට....මොකක්ද බං දහ අට මොකක්ද අහ්..."
" දහ අට වන්නම...."
" අන්න ඒක තමයි....දැන් ඇයි උඹ මෙතන වන්නම් නටන්න හදන්නෙ අහ්....."
" අනේ අම්මපා ඇත්තමයි...."
" දෙන්නම ඕක නවත්තනවද නැද්ද අහ්..... "
" මූට කියන්න හරියට සිංහල දැනගෙන කතා කරන්න කියලා...."
" හරි එහෙනම් මුටත් කියන්න මං සිංහල වැඩිපුර දන්නෙ නෑ කියලා...මං සිංහල වලට එස් එකක් ගත්තෙත් ක්ලාසස් දෙකකට ගිහිල්ලා ඕයී...."
තූ නොදකින් ලක් අම්මගෙ යක්ක පුතා ඒක කියපු කැත විතරක්...ඉපදුනු රටටත් එක්ක ලැජ්ජයි.....
" ඉවරද දැන්....."
" මොනවද "
" තමුසෙලා දෙන්නගෙ හෙල සිංහල පන්තිය...."
YOU ARE READING
~හීන~
Romansa" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."