127 වන කොටස

477 28 23
                                    

මං හිටියේ මගේ කාමරේට වෙලා මගේ ඇදුම් බෑග් ටික ලෑස්ති කරගන්න ගමන්..වෙලාව පහට කාලයි.....ඒ කියන්නෙ හරියටම මං තව පැය එකොලහකින් මෙහෙන් පිටත් වෙන්න ඕනෙ...මොකද මගේ ෆ්ලයිට් එක තියෙන්නේ පාන්දර පහට .........

" සර් මේ ඩොකියුමන්ට්ස් ටික......"

ෆයිල් එකක දාලා තිබිච්ච ඩොකියුමන්ට්ස් වගයක් උස්සගෙන තිවංක  මගෙ කාමරේ පුරාම එහාටයි මෙහාටයි කැරකෙන්න පටං ගන්නකොට මං මිනිහට ඒ ටික මගේ මේසෙ උඩින් තියන්න කියලා මගේ වැඩේ එහෙම්මම කරගෙන ගියා..... පේන විදියට මූට අපේ ෂෙහාරාව නොදැක ඉදලා දැන් පයිත්තියන්ද කොහෙද........

" අහ්....ඔය ටික ඔතන මේසෙ උඩින් තියන්න තිවංක..."

" හරි සර්....."

" තිවංකගෙ අම්මට දැන් කොහොමද...."

" අම්මා හොදින් ඉන්නවා සර්...අපේ අම්මට සර්ව බලන්න ඕනෙලු...."

" මාව......"

" ම්ම්.....ඔව්....."

" හරි අපි ආපහු ලංකාවට ආවට පස්සේ ගිහිං අම්මව බලලා එමුකො....."

" හරි සර් එහෙනම් මං පහලට වෙලා ඉන්නං......."

" තිවංක කාලාද...."

" තාම නෑ සර්...."

" කුණුහරුප නාහා ගිහිං කාපං....."

" හරි සර්...මං කන්නං......."

තිවංකයා හිනා වීගෙනම මගේ රූම් එකෙන් එලියට යන්න යනකොට මං මගේ සූට් කේස් එකත් වහලා දාලා එහෙම්මම එතනින් ගෙදර සාලෙ දිහාවට එන්න ආවා.....

මං පහලට එනකොටත් අයියා අපේ තාත්තට බත් කවන ගමන් හිටියේ....මං එහෙම්මම එතනට කිට්ටු වුනේ අයියටම කියලා බත් කටක් දෙකක් කවා ගන්න ඕනෙ කියලා හිතාගෙන.....පේනවනෙ...මෙයාලා මට බැන බැන දැන් තමයි දවල්ට කන්නෙ....

" මටත් කවන්නකො අයියේ...."

මං එහෙම කියනවත් එක්කම වගේ අයියා කෙරුවේ මාත් එක්ක හිනා වෙන ගමන්ම මගේ දිහාවට අනපු බත් කටක් දික් කරපු එක.....

" ෆ්ලයිට් එක කීයටද පුතා......"

" පහට තාත්තෙ.... හැබැයි මට මෙහෙන් දෙක වෙනකොටවත් යන්න වෙයි...."

~හීන~ Where stories live. Discover now