17 වන කොටස

487 41 95
                                    

දවල් වරුවට තට්ට තනියම වුනත් ඕන අස්සක රිංගන්න තරම් කිසි බයක් හැකක් නැති වුනාට මොකද වටින් පිටින් අඳුර වැටී ගෙන එනකොට නම් ඉස්කෝලයක් තරම් බය හිතෙන රංග භූමියක් මේ ලෝකේ තව කොහෙවත් නැතුව ඇති..... නෑ මං අහන්නේ පාලු බංගලාවකට වඩා හොල්මං ෆිල්ම් එකක් ෂූට් කරනවනම් කරන්න ඕනේ දවල්ට ලමයි ඉගෙන ගන්න රාත්‍රියට ඒ ලමයිගෙ කටහඬවල් වලින්ම හුස්ම අල්ලන මේ වගේ ගොඩනැගිලි කන්දරාවක් අස්සේ නෙවෙයි ද....... මගේ තියරියට අනුව නම් සෑම ඉස්කෝලයක්ම දහවල් කාලයේදී කෙතරම් සුන්දර වුවත් රාත්‍රි කාලයේදී එය අතිශයින්ම බියකරුයි......ඒ හින්දා රෑ තිස්සේ එහෙම ඔය ඉස්කෝල ගානේ රිංගන්න තියා ගන්න එපා......මොකද ඒක තමන්ගේ සරීර සෞඛ්‍යට එච්චර සෙට් නෑ..... එච්චර නෙවෙයි කොහොමටවත්ම සෙට් නෑ........

වොෂ් රූම් එක පැත්තට එන්න කිව්වට මොකද සහස් මට කලින් ඒ පැත්තට යන්න ඇති... අනේ ඒ වුනාට මූට තිබ්බනේ මේ මාත් එක්කම එතනට යන්න.... කැන්ටින් එකත් පහු කරගෙන ෂේප් එකේ මං දහය එකොළහ සෙක්ෂන් පැත්තට ගෑටුවා......ඔය බිල්ඩින්ග් එක පහුවෙලා දකුනු අත පැත්තට හැරුනම තමයි මගේ ගමනාන්තයට යන පාර වැටිලා තිබුනේ.... අනේ මන්දා ඔක්කොමත් හරි මේ බිල්ඩිම දැක්කම නම් මට චූ බර නැති වුනත් දැන් චූ යන්න වගේ සාන්ත....මොකද ඔය දහය එකොළහ සෙක්ෂන් තියෙන බිල්ඩින්ග් එක තමයි අපේ ඉස්කෝලේ තිබුණු පරණම බිල්ඩින්ග් එක.... හිතේ ඇති වෙච්ච බයට වඩා ඊයේ පෙරේදා බලපු හොල්මං ෆිල්ම් වල හිටපු හොල්මං ටික මට මැවි මැවී පේනකොට කොයි එකටත් කියලා මං මගේ සාක්කුවේ තිබ්බ කොන්තෙයි... බෙල්ලෙ එල්ලගෙන හිටපු ක්‍රොස් එකයි අතට අරගෙන වැඩි ආරක්ෂාවට කියලා තව නමෝ මරියත් කියන්න පටං ගත්තා... දැන් ඉතින් ඇනබෙලා නෙවෙයි මහසෝනා ආවත් මේ රෙහාන් පුතා ගාවට නම් ලං වෙනවා බොරු.........

බිල්ඩින්ග් එකත් පහු කරගෙන මං වොෂ් රූම් එක පැත්තට එන්න ආවා.........ඔය ඉන්නේ මගේ සහස් කටුස්සා බිත්තියට ජැක් එකකුත් ගහගෙනම... අම්මපා මේ යකා සිරාවටම බය කියන එක අඳුරන්නේ නැද්ද.... එහෙම නැත්නම් මූ මෙතන බය නෑ වගේ බොරුවට රඟපාන්න හදනවද... හැබැයි ඒ මූණේ නම් කිසිම විදියකට බය වෙච්ච පාටක් පේන්න තිබුනෙ නෑ...... එයා බලාගෙන හිටියේ ඈත පේන අහසේ පායලා තිබුණු ඒ හඳ දිහා...... හුඟක් රෑ වෙලා නොතිබුනාට මොකද ඉස්කෝලෙට නම් අද ඔය කොයි තැනටත් කලියෙන් හඳ එලිය වැටිලා තිබුනා.... ලස්සනයි.....ඇත්තටම මං ලස්සනයි කියලා කිව්වේ ඈත පේන ඒ හඳ දිහා බලාගෙන නම් නෙවෙයි... ඒ හඳ දිහා බලාගෙන හිටපු මගේ කලු කුමාරයා දිහා බලාගෙන ඉන්නකොට තමයි ඒ වචනෙ මටත් නොදැනිම මගේ කටින් පිට වුනේ......

~හීන~ Where stories live. Discover now