137 වන කොටස

299 23 23
                                    

" ඕයී නැගිටපං බේසිකයො...."

" ම්ම්......"

" හුම් හුම් නෙවෙයි දැන්වත් නැගිටපං මෙතන සොත්ති උපාලි වගේ බුදිය ගෙන ඉන්නෙ නැතුව....."

" අයියෝ.......ඇයි බං....."

උදේ පාන්දර නිකං මැනින් මාර්කට් එකට බැස්සා වගේ කොහෙන්දෝ මන්දා ඉදගෙන ආපු හිමාල නරියෙක් මගේ කන් දෙක ගාව ඉදගෙන උඩ බුරන්න පටං ගන්නකොට බැරිම තැන මං මගෙ කොට්ටෙ අස්සට ආයෙම වතාවක් මගේ මූණ ඔබා ගත්තා....

" අනේ අයියෙ මෙන්න මේකාව නැගිට්ටවහංකො බං...යකෝ මේක මගේ මගුලද නැත්තං බොගෙ මගුලද.....ගෝත ඔට්ටුපාලයෝ අද තොගෙ වෙඩින් එක... දැන්වත් නැගිටපාආආආආආආආආං......"

එච්චරයි... එච්චරම එච්චරයි....අවසානෙටම ඇහිච්ච ඒ වාක්‍යට පින් සිද්ධ වෙන්න මං නැගිට්ටා නෙවෙයි මාව ඉද්ද ගැහිලම ඉන්දවුනා.....

" කාගෙද මොකක්ද....අහ්...කෝ අයියා...."

" අයියගෙ ලබ්බක් හොයන්නෙ යකෝ ඌ ලෑස්ති වෙලා චර්ච් එකට එයි....තෝ මොන හුයන්නක්ද තාමත් ඇඳට වෙලා කරන්නෙ අහ්...පලයං...පලයං ගිහිං ඔය දත් ඇන්ද මැදගෙන වරෙං....."

නවෝද්ට අර ශිවන්‍යගෙ නැන්දා අම්මව වැහිච්ච ගානට මට හැරෙන හැරෙන පැත්තට වස් කවි කියන්න පටං ගන්නකොට පැත්තක හිටපු රිතික අයියා ඇවිත් මගේ පිටට තට්ටුවක් දාලා අවුලක් නෑ කියන්න වගේ උගෙ ඔලුව දෙපැත්තට වනන්න පටං ගත්තා......

"  යන්න.....යන්න ඉක්මනට ගිහින් වොෂ් එකක් දාගෙන එන්න....අපි ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ උඹට තියෙන්නෙ බබා වගේ ගිහිං කාර් එකට නගින්න විතරයි......."

" අහ්....හරි...හරි....."

රිතික අයියා මට බාත් රූම් එක පෙන්නන ගමන්ම එතන හිනා වෙන්න පටං ගන්නකොට පැත්තක තිබිච්ච මගේ තුවායත් අරගෙනම මං බාත්රූම් එක අස්සට චුත වුනා....යකෝ වහල කඩං වැටිච්ච ගානට නැගිට ගත්තා වගේ නෙවෙයි අන්තිමට මට වෙච්ච කෙරිච්ච දේවල් ටික මොලේට ප්‍රොසෙස් කරගන්න සෑහෙන්න ලොකු වෙලාවක් ගත වෙනවා ... ඉතිං මං බ්‍රශ් එකත් මගේ කටේ ගහගෙනම මට ඉස්සරහින් පේන්න තිබුණු ඒ කණ්ණාඩිය දිහා බලාගෙන කල්පනා කෙරුවේ එකම එක දෙයක් ගැන විතරමයි.... ඒ කියන්නේ අද මගේ......ඔව්......


~හීන~ Where stories live. Discover now