94 වන කොටස

343 24 49
                                    

" අයියේ......."

" ම්ම්......."

" මං ඔයාගෙන් පොඩි බඩ්ඩක් අහන්නද අහ්......."

" අහන්න......"

අපි දෙන්නම හිටියේ මුහුදු වෙරලෙ ඇවිදින ගමන්......ඇවිදිනවයි කියලා කිව්වට ඉතින් ඇවිද්දේ අයියා විතරයි....අයියත් එක්ක හිටපු මේ මං නම් කෙරුවේ එහාටයි මෙහාටයි පැණ පැණ මුහුදු වෙරලෙ තිබිච්ච සිප්පි කටු එකතු කරන්න පටං ගත්තු එක.....

" මං මෙහෙම ඇහුවයි කියලා ඔයා මුකුත් හිතන්න එහෙම එපා හොඳද....."

" හරි ඉතිං අහපංකො......"

" ඔයා මීට කලින් කාටවත්ම ආදරය කරලා නැද්ද අයියේ...."

අනවශ්‍යය ප්‍රශ්නයක්ද මන්දා මං ඒ ඇහුවෙ.....මොකද මං දැන් අහපු ඒ ප්‍රශ්නෙ හින්දම මෙච්චර වෙලාම අයියගෙ මූණෙ තිබිච්ච එයාගේ හිනාව කොහාටදෝ මන්දා එයාගෙන් අතුරුදහන් වෙලා ගිහිං තිබුනා....

" මං නෑ කියලා කිව්වොත් උඹ මාව විශ්වාස කරනවද චූටි......."

" ඔයා නෑ කියලා කියනවනම් ඉතිං මං ඒක අනිවාරෙන්ම විශ්වාස කරනවා අයියේ..... "

" ම්ම්......"

" ඇත්තටම ඔයා මීට කලින් වෙන කෙනෙක්ට ආදරය කරලා තිබුනේ නැද්ද ඒයී....."

" ආදරයක් ගැන නම් මං කියන්න දන්නේ නෑ බං.. හැබැයි ඉතිං ඒ දවස් වල මට කෙනෙක් ගැන පුංචි කැමැත්තක් නම් ඇතිවෙලා තිබුණා ...."

හිතලා රිද්දගත්තෙ නැති වුනාට මොකද අයියගෙ කටින් ඒ විදියෙ දෙයක් පිට වුනාම නම් මට සෑහෙන්න ලොකු වේදනාවක් දැනුනා.....

" එ....එයා කෙල්ලෙක්ද අහ්......"

" ඔව්.....  "

එයා කෙල්ලෙක්ලු.....ඒ කියන්නේ අයියගෙ හිතේ මුලින්ම  කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ කෙල්ලෙක් වෙනුවෙන්ද......

" මං මේ දේවල් ගැන උඹට මුලදී කිව්වෙ නෑ රෙහාන්...... හැබැයි මට තවත් මේ දේවල් උඹෙන් හංගගෙන ඉන්න ඕනේ නෑ ......"

" ඒක හොදයි අයියෙ....මොකද රහස් කියන දේවල් අපි දෙන්නා අතර තියෙනවට මං කැමති නෑ....."

" මං ඒ ගෑණු ලමයා ගැන උඹට කියන්නද චූටී....."

" ම්ම්......"

~හීන~ Where stories live. Discover now