97 වන කොටස

377 33 15
                                    

" චූටි මැණික ඔය බලාගෙන පුතේ...."

" අම්මී.....අම්මී එන්නකෝ....."

" ඇයි මැණික.... අම්මිගේ චූටි පුතා මොකක්ද හැදුවෙ අහ්....."

" කෝ බලන්න අම්මිගෙ චූටි මැණික මොකක්ද හැදුවෙ කියලා....."

" තාත්තී....තාත්තී මේ....."

" ම්ම්..... මගේ චූටි මැණික ලොකු ගෙයක් හදලා නේද අම්මී....."

" ඒකනේ තාත්තී බලන්නකො අපේ චූටි මැණික ලස්සන ලොකු ගෙයක් හදලා නේන්නං...."

" තාත්තී...තාත්තී එන්නකො මූද පාගන්න....."

" අනේ මගේ චූටි හුරතලේ....කෝ එන්න තාත්තිත් එක්ක ගිහින් අපි මූද පාගමු හොදද....."

" දැන් අම්මිව මෙතන තනියම දාලා තාත්තී චූටි පූතයි ගියාම හරිද ආහ්...එතකොට කව්ද අම්මිත් එකක් මූද පාගන්න යන්නේ....."

" චූචි....චූචි පුතා ඉන්නෝනෙ අම්මී.....එන්නකො මූද පාගන්න......"

" හරි එහෙනම් අම්මිත් යංකො අපිත් එක්ක මූද පාගන්න ........"

" යං......."

" ඔන්න....ඔන්න දැන් උඩ පනින්න......"

" බලාගෙන මහේන්...."

" තාත්තී....අනේ අනේ මාව උත්තන්නකෝ......"

" ම්ම්....මෙහාට එන්න මගේ දඟ මල්ල....."

" අම්මි මේ....."

" ඕ....ඕ... මගේ පුතා පියාඹනෝ නේද....."

" ඕ..ඕ.....චූචි පියාඹනෝ......."

මහ පුදුමාකාර තරම් ලස්සන දවසක් ඒක...මං මුහුදු වෙරළට වෙලා මගේ අම්මයි තාත්තයි එක්ක හරි හරියට හුරතල් වෙන ගමන් හිටියේ.....ඉර බැහැගෙන ගියපු ලස්සන හැන්දෑවක්.... මං හදපු වැලි මාලිගාව දිහා බලාගෙන එයාලා දෙන්නම එදා හයියෙන් අත්පුඩි ගහන්න පටං ගත්තා.... මං හිනාවුනා....තාත්තා මාව එයාගේ අත් වලින් මුහුදු රැල්ල මගේ කකුල් වල ගෑවෙන නොගෑවෙන තරමට මාව උස්සගෙන ඉන්නකොට මං වැටෙයි කියන බයටම අම්මා තාත්තට පරිස්සම් වෙන්න කියලා හෙමීට ඇවටිලි කරන්නත් පටං ගත්තා....මං නම් හිටියෙ සෑහෙන්න ලොකු සතුටකින්.... අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලිගෙන හිටපු ඒ පුංචි එකා නම් හිටියේ මට විස්තර කර ගන්න නොතේරෙන මහ අමුතුම විදියෙ ලොකු සතුටකින් ....

~හීන~ Where stories live. Discover now