08 වන කොටස

830 69 159
                                    

මං හිතන්නේ අද අමාවක රැයක්........ කළුම කළු පාටට දිලිසෙන අහසේ පාලු මකන්නද කොහෙද අද වෙනදටත් වඩා පුංචි තරු හුඟාක් ලස්සනට පායලා තිබුනා....ඒත් තරුවකට පුලුවන් ද හඳ නැති අහසේ අඩුව මකන්න.. පුංචි පුංචි එලි සිය දහස් ගානක් එකට එකතු වෙද්දී හරිම ලස්සනයි......ඒත් තනි හඳක තියෙන අරුම පුදුම ලස්සන තරුවකින් බලාපොරොත්තු වෙන්න නම් හරි අමාරුයි.......අවංකවම මං හඳටත් කැමති.......හඳ නැති අහසේ අඳුර වෙනුවෙන් තනි රකින ඒ පුංචි තරු රටා වලටත් කැමති.... ඔය මුකුත්ම නැති දාට පාළුවට ගියපු ඒ කලුම කලු වලාකුළු වලින් පිරුණු තනි කමටත් මං හරි ආදරෙයි....... ඒ හැමදේම කියලා දෙන්නේ අපි හැමෝටම කියවගන්න නොතේරුනු හරි අපූරු කතාවක්...... අහන අහන හැම කෙනාම කිව්වේ මං ආස අර ඈත පේන සුදුම සුදු පාට හඳට කියලා..... ඔය අතරින් පතර සමහරු නම් කියයි මං නම් ආස ඒ හදේ ඉන්න පුංචි හා පැටියට කියලා...... එතනිනුත් ස්වල්පයක් අහයි හඳ ට වඩා අර පුංචි තරු එළි ටික ලස්සන නැද්ද කියලා........ ඒ වගේම ඔය කිසිම දෙයක් නැති පාලු අහසට ආදරය කරන එකෙක් දෙන්නෙක් හරි තාමත් මේ ලෝකේ ඇතුලේ ඉතුරු වෙලා ඇති.....

මං හිටියේ හත් ගව්වක් දුරින් පායලා තිබුණු ඒ තරු දිහා බලාගෙන..... හීනියට වැටිච්ච හිරිපොදක් නිසා වට පිටාවම තරමක් සීතල වුනාට ඒකෙන් ඇඟට දැනුනු සනීපයට මං හුඟක් ලෝබ වුනා..............සහස් හිටියේ මට එහාපැත්තෙන් බිම වාඩි වෙලා... නිකං නෙවෙයි මාව එයාට තුරුලු කර ගෙන පිටට පුංචි තට්ටුවකුත් දාන ගමන්.....මොකද ගෙදර යන්න බෑ කියලා මං පොළොවෙ පස් කාපු නැති ටික විතරයි.......කවුරු කොහොම තමන්ගේ ප්‍රශ්න දිහා බැලුවත් තුවාලෙ තියන එකා විතරමයි උගෙ වේදනාව කොච්චරද කියලා අඳුරන්නේ....... ඉතිං ඒ හින්දම අනික් උන් මට මොනවා කිව්වත් අමාරුවෙන් හදා ගත්ත හිත ආයෙමත් කඩලා දාගන්න බැරි කමට මං පුළුවන් තරම් කරේ ගෙදර යන එක මග ඇරලා ඉන්න රටේ නැති හේතු කියපු එක...... ඒත් ඒ කොච්චර කාලෙකටද කියන්න නම් මේ මං වත් හරියට දැනගෙන හිටියේ නෑ....

" දැන් යන්න බැරිද....."

"..............."

" ප්‍රශ්න වලට බයේ තව කොච්චර කල් ඔය විදියට හැංගෙන්න පුලුවන්ද රෙහාන්......"

~හීන~ Where stories live. Discover now