54 වන කොටස

397 33 38
                                    

සතිය ගෙව්ච්ච විදිය ගැන කිව්වොත් නම් කතා කරලා වැඩක් නෑ මගේ ජීවිත කාලෙ ඇතුලත මට සෙට් වෙච්ච මහ එපාම කරපු කාලකන්නි සහ මුස්ප්‍රේන්තුම සතිය මේක වෙන්න ඇති.....ඇයි කියලා කියනවනම් ප්‍රධානම හේතුව තමයි අර කටුස්සයි කක්කුට්ටයි එකතු වෙලා අපි දෙන්නට දාපු නීතිය....හෙන ගැහුවත් උඹ ඉස්කෝලෙ යන්න ඕනේ රෙහාන්.... නොගිහින් ඉදලා මට අහු වෙන්න එපා යැයි යැයි තමයි..... ඉතිං ඔන්න ඔය පකේ නීතිය හින්දම මටයි මගේ හොර මිනිහටයි සිද්ද වුනේ උන් දෙන්නගෙ නීතිය අනුව හෙන ගැහුවත් මුලු සතිය පුරාවටම ඉස්කෝලෙ බඩගාන්න..... අසාධාරණයි අප්පා....වෙනදට නම් සතියට එක පාරක් හරි කටක් දාන අපි දෙන්නට වෙච්ච සන්තෑසියක්.....අහෝ සතුරෙකුටවත් මෙවන් විපතක් නම් සිදු නොවේවා සාන්ත.......

ඉස්කෝලෙ යනවා ගෙදර එනවා ආපහු ක්ලාස් යනවා ගෙදර එනවා ඉස්කෝලෙ යනවා.....මට නම් මේ කෙරුවාව දැන් තිත්ත වෙලයි තියෙන්නේ.... ගෙවිච්ච සතියෙම ඔය කෝල් එකකින් මැසේජ් එකකින් ඇරුනහම සහස්ව මං ඇහැටවත් දැක්කෙ නැති තරම්.... මොකද මේ දවස් වල මගේ මාමණ්ඩියා නිතරම වගේ හිටියේ ගේ අස්සෙලු....ඉතිං අරුං දෙන්නව නිවාස අඩස්සියට දැම්මා වගේ ඇති...... හෙට යන්න තියෙන ගමන හිත හොදින් යන්න ඕනේ හින්දම සහස් අප්පච්චිත් එක්ක පැටලෙන්න යන්නේ නෑ කියලා මට පොරොන්දු වුනා....ඒ වුනාට ඉතිං තාත්තයි පුතයි එකම බෝට්ටුවෙ නැතැයි...මං කියන දේ මේන් කියලම අහයි මෝඩ සලමන්දරා......

මොන කරුමයක්ද මන්දන්නෑ අද වෙලාව යන්නෙත් හෙන හෙමීට....පැය ගානක් ගියා කියලා හිතුවට මොකද තාම ගිහිං තියෙන්නේ විනාඩි දහයයි.....
පිටීම පස්සේ පෝලිමට වෙලා හෙට යන්න තියෙන ගමන ගැන දඩ මනෝපාරක් ගහපු මට එකපාරටම වගේ මගේ එහාපැත්තෙන් වාඩි වෙලා හිටපු ඔස්තියොපිතිකස් මානවයා ගැන මතක් වුනා...අනේ ඇස් වහක් කටවහක් නම් වදින්න එපා කොල්ලා දැන් විනාඩි හතලිස් පහක ඉදන් බබා වගේ දොයි.....ඉස්සර ස්පෝට් මීට් හින්දා එක දිගට පීරියඩ් කට් කරාට මොකද දැන් හුස්මක් කටක් ගන්න වෙලාවක් නැති වෙන තරමටම මුන් අපිව මරවනවා.....ඇයි ඉතිං එක පීරියඩ් එකක් ඉවර වෙන්නත් කලින්ම අනිත් සබ්ජෙක්ට් එක උගන්නන ගුරා බහිරවයෙක් වගේ ක්ලාස් එක ඉස්සරහා හිටගෙන හිටියම අපිට ඈනුමක් අරින්නවත් වෙලාවක් තියෙනවද කියහංකෝ......

~හීන~ Where stories live. Discover now