125 වන කොටස

315 24 33
                                    

තේ වත්ත පල්ලිය පහු කරගෙන මීටර දෙසීයක් තුන්සීයක් විතර ඉස්සරහට යනකොට හම්බවෙන අතුරු පාරකින් මහිම අයියා අපි ආපු වාහනේ ඇතුලට හැරෙව්වා .... ඒත් එක්කම වගේ මට මගේ අත් දෙක මිට මෙලවුනේ ඉඹේටමයි..... මගේ හාට් එකත් දැන් එකසීය ගානට ගැහෙන්න පටං අරගෙන....අර බය කියන දේ මට උපරිමේටම දැනුනා කියලා කිව්වොත් මං හරී....මාව දැක්කයින් පස්සෙ මාමා මට මොනවා කියයිද.... එයා මට ගහයිද... බනීද.... ඔය මොන දෙයක් සිද්ද වුනත් මට කමක් නෑ.... ඒත් මගේ මාමා මගෙන් ඇහුවොත් "උඹ ඇයි පුතේ උඹේ මාමාටම මෙහෙම දෙයක් කෙරුවෙ කියලා......." අන්න එතනදි මං නොසෑහෙන්න අසරණ වෙනවා දෙයියනේ..... මට දෙන්න උත්තර නැති වෙයි...මගෙ මාමාට මාව එහෙම් පිටින්ම වැරදි කාරයෙක් ගානට පේන්න පටං ගනීවි...ඔන්න ඕකට තමයි මං වැඩි පුරම බය... ප්‍රතික්ෂේප වෙන්න......

ඒත් වැරැද්ද කෙරුවේ මේ මම නම් ඉතිං මට දඩුවම ගැන හිතන්න  කිසිම අයිතියක් ඇත්තේ නෑ නේද ....මෙහෙ ආවට මොකද මට දැන් ආපහු ගෙදර දුවන්න හිතිලයි තියෙන්නේ.....ඒ තරමටම මං හිටියේ ලොකු පීඩනේකින්.....

" චූටී......"

මිට මෙලවිච්ච මගේ අත් දෙක උඩින් අයියා එයාගේ අත් දෙක තියලා මගේ මූණ සහස් එයාගේ දිහාවට හරව ගත්තා......

" ඇයි මේ....."

" අනේ මට ඇතුලට එන්න බෑ අයියේ....මාමා මට....."

" මාමා උඹට ගහන්න පැන්නොතිං එහෙම මං ඒ සීන් එක මැද්දට පැනලා උඹව බේර ගන්නං ...හාද....."

බය හිතිලා තියෙන අස්සේ මේ මනුස්සයා කියන කතා වලට මට හිනා යන්නත් එනවා අප්පා.....

" මේක කේ ඩ්‍රාමා එකක් නෙවෙයි අනේ...."

" අවුලක් නෑ ඉතිං අපිට මෙච්චර කල් සිද්ද වුනේ ඩ්‍රාමා වල සිද්ධ වෙච්ච දේවල් නෙවෙයිනෙ චූටියා......."

ගුඩ් පොයින්ට්....සිරාවටම මං මේ පාර නම් මගේ කටුසු පැටියගෙ පැත්තෙන් හිට ගන්නවා .....

" කෝ කෝ දැන්වත් බැහැපල්ලකො බං මෙතන මහ රෑ තිස්සේ පෙම් කෙලින්න පටං ගත්තේ.....තිරිසන්නු වගේනේ අප්පා......."

ෂාන් අයියා අපිටත් බැන බැනම ගිහිං වෑන් එකේ දොර අරිනකොට මහිමයි නවෝදුයි ඒ වෙනකොටත් වාහනෙන් එලියට බැහැලයි හිටියේ.....

~හීන~ Where stories live. Discover now