22 වන කොටස

601 42 192
                                    

රූම් එකෙන් එලියට ආපු මම ඊළග විනාඩියේදිම කරේ ඒ දොරට හේත්තු වෙලා මට මතක තියෙන හැම දෙවි කෙනෙක්ගෙම නම් කියලා මාව අර මිනිහට මුණ ගස්සවන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු එක...මොකද මහිම කොච්චර මට එයාගේ අප්පච්චිව මග ඇරලා යන්න කිව්වත් එහෙම මූණ ඉස්සරහට එන මනුස්සයෙක්ව දැක්කේ නෑ වගේ යන්න මං හොල්මනක් නෙවෙයිනේ....දැන් නම් එයා යන්න ඇති..ඒත් සහස්ට අප්පච්චිව හම්බවුනා නම්......... නෑ එහෙම හම්බවුනා නම් එයා අනිවාරෙන්ම මහිමව හොයාගෙන මේ කාමරේ ඇතුලට එන්න ඕනේ.......

මං මගේ ෆොන් එකත් එලියට අදින ගමන්ම ලිෆ්ට් එක පැත්තට ඇවිදගෙන ගියා........ කොහෙද දන්නෑ මගේ කටුස්සා ගිහින් තියෙන්නේ..... මිස් කෝල් එකක් ගැහුවට ඔබ ඇමතු දුරකථනය ප්‍රතිචාර නොදක්වයි කියලා අර ඇන්ටිද අක්කද කිව්වට පස්සේ තමයි මට මතක් වුනේ සහස් ෆොන් එක ඕෆ් කරලා තියෙන්නේ එයාගේ අර ආදරණීය අප්පච්චිට පින් සිද්ද වෙන්න කියලා....

* ටින් * ගාන සද්දෙත් එක්ක ලිෆ්ට් එකේ දොර ඇරුනත් මට එතනින් ඇතුලට යන්න නම් හම්බවුණේ නෑ....මොකද ඒක ඇතුළෙ සහසුයි මගේ උදේනියයි හිටියා...... දැන් නම් මට උන ගැනෙන්නත් වගේ සාන්ත.... නවෝද්ට යන්න නොදී ඌව කොහොමහරි මං මෙතන නවත්තගන්න ඕනේ.. ඔව් ඒක තමයි දැන් කරන්න පුලුවන් සුදුසුම සහ නුවණක්කාරම වැඩේ...........

" ඉතිං කොහොමද අයියේ....කොහෙද මේ ඔයාලා දෙන්නා ගියේ....."

ස්මයිල් ඉන් පෙයින් වගේ මහ කැත හිනාවක් මගේ මූණ පුරා ඇදෙන කොට සහස් මං දිහා බලාගෙන හිටියේ හරියට නිකං මේ දැන් මාව උස්සලා පොළොවෙ ගහන්න පුලුවන් වගේ බැල්මකින්.....

" රෙහාන්.....මොකද මේ......."

එයා කතා කරන්නේ තරහෙන්....ඒත් සිද්ද වෙච්ච දේ ගැන හරියට හොයලා බලන්නේ නැතුව ඔහොම කෑ ගහන එක හරි වැරදී නේද අයියේ.

" හා.....හායි......"

මං මේ වෙලාවේ ඒ වගේ දෙයක් කිව්වේ ඇයි කියන එකනම් මේ මටවත් හිතාගන්න බෑ සාන්ත...

" මොකද මේ අහ්... මොනවා කරන්න ගිහින්ද මේ අත තුවාල කර ගත්තේ....."

" අ..අයියේ......"

" වටේ යන්නැතුව මං අහපු දේට කෙලින් උත්තර දීපං රෙහාන්....."

~හීන~ Where stories live. Discover now