කටුනායක එයාර්පෝට් එක.....
හැම අවුරුද්දෙම වගේ දෙසැම්බර් විසි පහ කිට්ටු වෙනකොට මං නවෝද් එක්ක මෙහාට එනවා....ඒ වෙන මොකටවත් නෙවෙයි....නවෝද්ගෙ ආදරණීය දෙමව්පියෝ දෙන්නව හරි ආදරෙන් එයාලගේ ගෙදරට කැන්දගෙන යන්න කියලා හිතාගෙන....අදත් අන්න ඒ වගේ දවසක්.... වැඩේ කියන්නේ ෆ්ලයිට් එක මෙහාට ලෑන්ඩ් කරනකොට අඩුම රෑ නවයවත් කිට්ටු වෙන්න එනවලු....ඉතිං අච්චර දුර ඉදන් මටයි මගේ නැට්ටටයි අද තනියම වාහනේ ඩ්‍රයිව් කරගෙන මෙහාටම එන්න සිද්ද වුනේ අන්න ඒ හින්දයි.....මහිම නම් කොච්චර වත් කිව්වෙ ඌ ඇවිල්ලා මගින් හරි නවතින්නම් කියලා..මොකද මට වඩා මට නවෝද්ව ෂුවර්....අන්න ඒ හින්දම මං වාහනෙ එලවන වැඩේ මගේ කොල්ලට භාර දීලා පැත්තකට වුනා...ඒ වුනාට ඉතිං මගේ සක්කිලි මස්සිනා හිතාගෙන ඉන්නේ එයාගේ බබාට එලවන්න පුලුවන් සෙල්ලම් කාර් විතරයි කියලනෙ...මොනවා වුනත් ඔය කෙරුවාව දැන් අවුරුදු ගානක් තිස්සේ ඉදන් අපි දෙන්නම කරන දේ....ලයිසන් හම්බවුණේ මේ ඊයෙ පෙරෙදා වුනාට මොකද ඉතිං නවෝද්ට තනියම වාහනයක් එලවගන්න බැරි කමක් තිබුනේ නෑ....ඇයි එදා ට්‍රිප් එක ගියපු වෙලාවෙත් කොල්ලා හෙන පරිස්සමට වෑන් එක ඩ්‍රයිව් කරගෙන ගියේ.....
" අනේ රෙහාන්.....අම්මලා තාම නෑනෙ බං...."
" හිටහංකො බල්ලො.....බස් එකෙන් බහිනවා වගේ කියපු වෙලාවටම එන්න බෑනේ....."
ඌට උගෙ අම්මවයි තාත්තවයි දකිනකං ඉවසිල්ලක් තිබුනේ නෑ.... ඉතිං එහෙම වෙන්න එපැයි....මොකද නවෝද්ට තිබුනෙ ලස්සන පවුලක්.....එකට ඉන්න වාසනාව නැති වුනාට මොකද එයාලා ඇවිල්ලා මෙහෙ නවතින දවස් දෙක තුන වුනත් නවෝද්ට ලොකු සැනසීමක් ගෙනල්ලා දුන්නා.... හැබැයි ඒ අර ශෙහාන් කියන බෝදිලිමා එතන හිටියෙ නැත්තං විතරයි.....මට මතක හැටියට පහුගිය අවුරුදු දෙක තුනේම ඕකා කරේ හොද හිතිං යන්න ආපු දෙමව්පියො දෙන්නගෙත් ලේ පුච්චලා දාලා ගියපු එක.....
" එහාටයි මෙහාටයි ඇවිදින්නැතුව පොඩ්ඩක් හිටපංකො පගයෝ... මගේ ඔළුවත් එක්ක නිකං කැරකෙනවා වගේ...."
" ඇයි උඹ ප්‍රෙග්නට්ද......"
" ඔව් ඇයි මං කිව්වෙ....."
YOU ARE READING
~හීන~
Romance" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."